ETCA ගිවිසුම අවසන් අදියරේ

Published in පුවත්
Wednesday, 21 February 2024 09:09

ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 14 වැනි සාකච්ඡා වටය මාර්තු මස මුල් සතියේ නවදිල්ලියේ දී පැවැත්වීමට නියමිතය.

මීට අමතරව, මෙය අවසානයේ ගැටුම් නිරාකරණය සහ අවසන් විධිවිධාන පිළිබඳ අනුකමිටුව ද නවදිල්ලියේදී සිය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

“ECTA හි තත්ත්වය සහ ඒ පිළිබඳ 13 වැනි සාකච්ඡා වටයේ ප්‍රතිඵල පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කළ බව” කැබිනට් සම ප්‍රකාශක සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පශ්චාත් කැබිනට් රැස්වීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

භාණ්ඩ වෙළඳාම, හැඳින්වීම, සාමාන්‍ය ප්‍රතිපාදන සහ පොදු ව්‍යතිරේක, සේවා වෙළඳාම, ආරම්භක නීති, රේගු ක්‍රියා පටිපාටිය සහ වෙළඳාම ලිහිල් කිරීම, වෘක්ෂලතා ආරක්ෂාව සහ සනීපාරක්ෂාව සඳහා මිනුම්, තාක්ෂණික බාධාවන් සඳහා වෙළඳාම, වෙළඳ ගැලපීම් සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අනු කමිටු නවය ද සාකච්ඡාවලට එළඹ ඇත.

මේ අනුව ලබන අප්‍රේල් මස වන විට මෙම ගිවිසුමට අදාල සාකච්ඡා අවසන් වනු ඇති බවත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනු ඇති බවත් පැවැසේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us