ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සුහද හමුවකට එක්වීමට ද එම සිසු දරුවන්ට අවස්ථාව හිමිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එහිදී කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය යනු කුමක් ද එහි ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබද ඔහුන් දැනුවත් කර තිබේ.
කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේ දීම එය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමග කථාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමිවූ පළමු අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
-P.M