එහි සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ පෙරවරු 11.00 ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡාව පැවැත්වෙන බවයි.
ඔහු පැවසුවේ , එම සාකච්ඡාව ද අසාර්ථක වුවහොත් අද පස්වරුවේ රැස්වී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.
වෛද්‍යවරුන් සඳහා වැඩි කළ රුපියල් 35,000 ක ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් එක් ව පසුගිය සති කිහිපය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත විය.
-P.M