2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා අවසන්වූ බවයි අමාත්‍යාංශය සදහන් කරන්නේ .
මේ අතර, පාසල් නිල ඇඳුම් සහ පෙළ පොත්, ලබන මාසයේ පළමු සතිය වනවිට බෙදා අවසන් කරන බව ද, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, පාසල්වල ප්‍රාථමික අංශයේ සියලු සිසුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන ද ලබන මාසයේ සිට ආරම්භ කරන බවයි.
-P,M