ඉන්දියාවෙන් තවත් මෙහෙයුමක්

Published in පුවත්
Tuesday, 13 February 2024 13:35

අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec India, සිය ව්‍යාපාරය පුළුල් කරමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ වෙත පිවිසීමට බලාපොරොත්තු වන බව පසුගියදා නිවේදනය කළේය.

චෙන්නායි සිය මූලස්ථානය කරගත් ප්‍රංශ බලාගාරය, ඒ සඳහා සූදානමින් සිටින බව ඔවූහු ප්‍රකාශ කළහ. “Greater India’ නමින් හැඳින්වෙන උපායමාර්ගික පියවර යටතේ ඒකාබද්ධ ව්‍යාපාරික ආයතනයක් ලෙස සම්බන්ධ වීමට Socomec India ගත් තීරණය සමාගමේ සංවර්ධනයට අවස්ථාවන් සලසා දෙන්නකි.

මෙම ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් Socomec India හි කළමනාකාර අධ්‍යක්ෂ මිනු සින්ගාල් මහතා ප්‍රකාශ කළේ, “ආසියානු වෙළඳපොළට නව්‍ය බලශක්ති විසඳුම් අඛණ්ඩව සැපයීමට අපි කැපවෙන අතරම යුරෝපීය ඉංජිනේරු තාක්ෂණය භාවිතා කරමින් ඉන්දියාවේ නිෂ්පාදනය වන අපගේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ වෙළඳපොළට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. තවද මෙම ව්‍යාප්තිය ‘Make in India’ මුලපිරීම ශක්තිමත් කරමින්, Socomec ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරයි.” යනුවෙනි.

Socomec සමූහය විසින් දේශීය ඉල්ලුම සපුරාලීම සහ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වෙත නිෂ්පාදන අපනයනය කිරීමේ අරමුණින් යුරෝ මිලියන 5 ක ආයෝජනයක් ඉන්දියාව තුළ සිදුකරන ලදී. තවද අඛණ්ඩ බල සැපයුම, බලය මාරු කිරීම සහ අධීක්ෂණ විසඳුම් ඉන්දියාව තවදුරටත් ශක්තිමත් කරන අතර  නවීන තාක්‍ෂණය නිසි අයුරින් උපයෝගී කර ගනිමින්, දත්ත මධ්‍යස්ථාන, නිෂ්පාදන සහ ක්‍රියාවලි කර්මාන්ත, සෞඛ්‍ය සේවා, යටිතල පහසුකම්, වාණිජ ගොඩනැගිලි සහ පුනර්ජනනීය බලශක්තිය වැනි සියලු නිෂ්පාදන ගොඩනංවා තිබේ. දේශ හිතෛෂී මෙම නිෂ්පාදන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ වෙළඳපොළ තුළින් දැන් ලබාගත හැකි අතර මෙම ව්‍යාප්තියත් සමඟ ඉදිරි වසර 3 තුළ Socomec India මෙම කලාපවල ආදායම දෙගුණයක් කිරීමට අපේක්ෂා කරයි.

මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ මෙහෙයුම් කටයුතු භාර සාමාන්‍යාධිකාරීවරයා ලෙස සුහාඩ් අමිට් මහතා පත් කර ඇත. විවිධ ක්ෂේත්‍ර රැසක වසර 25 කට වැඩි කීර්තිමත් වෘත්තීය ජීවිතයක් හිමි අමිට් මහතා, මෙම වෙනස්වෙන වෙළඳපොළ තුළ Socomec හි උපායමාර්ග මෙහෙයවන ප්‍රධාන භූමිකාව බවට පත්වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us