කෘත්‍රීම බුද්ධිය පාසලට දෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබේ

Published in පුවත්
Tuesday, 13 February 2024 12:39

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2023.10.02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගත් කෘත්‍රීම බුද්ධියට අදාළව ජාතික උපාය මාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම සඳහා පත්කර ඇති කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව අනුව එය පාඨමාලා හඳුන්වා දීමට නියමිතය.

එම නියමු ව්‍යාපෘති මයික්‍රොසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව පහත පරිදි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

* දැනට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර විෂය නිර්දේශයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ මත සංශෝධනය කර අවශ්‍ය මුලික මානව සම්පත් පවතින පාසල්වල 8 වන ශ්‍රේණියේ සිට යෝජිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. 

*මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් සපයනු ලබන පහසුකම් යටතේ නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගත් පාසල් ඩිජිටල්කරණය කිරීම.

*තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වනු ලබන ගුරුවරු 100ක් මයික්‍රොසොෆ්ට් ආයතන මඟින් පුහුණුකරුවන් වශයෙන් පුහුණු කිරීම.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us