පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ට විගණනයෙන් දැනුම් දීමක්  

Published in පුවත්
Tuesday, 13 February 2024 12:12

පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට හා සේවකයන්ට උසස්වීම් පිරිනැමීමේ ක්‍රියාදාමය  විධිමත් කරන්නැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මේ අනුව පාර්ලිමේන්තු නිලධාරීන්ට හා සේවකයන්ට උසස්වීම්  පිරිනැමීමේදී  ජ්‍යෙෂ්ඨත්වයට මෙන්ම අමතර අධ්‍යාපන සුදුසුකම් සහ විශේෂ හැකියාවන්ටද ප්‍රමුඛත්වය දැක්වීමට  තීරණය කර ඇතැයි එහි උසස් නිලධාරියෙක්  ලංකාදීපයට පැවසීය.


පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

පාර්ලිමේන්තුවේ මෙතෙක් උසස්වීම් පිරිනැමුණේ   ජ්‍යෙෂ්ඨත්වය  පදනම් කරගෙන බව  කියති. මේ අතර පාර්ලිමේන්තු නිලධාරීන් හා සේවකයන් සියයකට වැඩි පිරිසක්  වයස හැට  සම්පූර්ණ වීමෙන් පසුගිය කාලයේදී විශ්‍රාම ගොස්   ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ පිරිසට මහලේකම් සහ වේත්‍රධාරී ඇතුළු  ප්‍රධානීහු කිහිපදෙනෙක්ද ඇතුළත්වූහ.

  • ලංකාදීප
Last modified on Tuesday, 13 February 2024 12:14

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us