ඔන්ලයින් පනතෙන් කැඩෙන එක අයිතිවාසිකමක් හෝ පෙන්වා දෙන්න Featured

Published in පුවත්
Saturday, 03 February 2024 13:19

පසුගිය දා සම්මත කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනතේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වන එකදු කරුණක් හෝ පවතී නම් එය පෙන්වා දෙන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසයි.

ඔහු සඳහන් කළේ, ඊට විරෝධතා මතු කරන පාර්ශවවලට අභියෝග කරන බව ත් එවැනි එකදු හෝ අංගයක් පනත තුළ පවතී නම් ඊට සංශෝධන ගෙන ඒමට කිසිසේත් පසුබට නොවන බව ත් ය.

අන්තර්ජාලය ඔස්සේ සමාජ ජාල ඇතුළු විවිධ වෙනස්කම් ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින පසුබිමක් තුළ ලෝකයේ කවර රටක හෝ ජනතාවට එයින් සිදු විය හැකි අයහපත් බලපෑම් වළක්වා ගැනීමට නෛතික රාමුවක් පැවැතිය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ද මෙම පනත සම්මත කළේ එම ආරක්ෂාව රටේ ජනතාව වෙනුවෙන් සහතික කිරීමට බව අවධාරණය කළේ ය.

ඔහු තවදුරට ත් කළේ, මේ වනවිට ලෝකයේ රටවල් මේ පිළිබඳව පුළුල් අවධානයක් යොමු කොට ඇති බව ත් පසුගිය දා අමෙරිකානු කොංග්‍රසය ලෝකයේ ප්‍රධාන පෙළේ සමාජ ජාල මෙහෙයවන්නන් කැඳවා දැඩිව ප්‍රශ්න කළ අතර එම හිමිකරුවන් මෙම සමාජ ජාල හේතුවෙන් අගතියට පත් දරුවන්ගේ මවුපියන්ට කණගාටුව පළ කිරීමට පවා සිදුව ඇති බව ත් ය.

ශ්‍රී ලංකාවේ ව්‍යාජ සමාජ ජාල ගිණුම් පවත්වා ගැනීම හරහා විවිධ විෂමාචාර සිදු කිරීම වර්ධනය වී ඇති අතර එවැනි පසුබිමක් වළක්වා ගැනීමට මෙවැනි නෛතික රාමුවක් අත්‍යවශ්‍ය බව ඇමතිවරයා පැවසීය.

කෙසේ වුව ද, මේ වනවිට විවිධ පුද්ගලයන් මෙම පනත අයිතිවාසිකම් කැඩීමක් බව චෝදනා එල්ල කරන අතර සමාජයේ යහපත සඳහා ම සැලකූ මෙම පනත මගින් උල්ලංඝණය වන අයිතිවාසිකම් තිබේ නම් ඒවා කවරේදැයි කරුණු සහිතව පෙන්වා දෙන ලෙස තමන් අභියෝග කරන බව ඔහු සඳහන් කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරට ත් කළේ, එවැනි අඩුපාඩුවක් පෙන්වා දුනහොත් තමන් මෙම පනතට ඊට අදාළව සංශෝධන ගෙන ඒමට අදාළව පියවර ගැනීමට කිසිසේත් පසුබට නොවන බව ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us