පොලිස් අත්අඩංගුවේදී මියගිය  තරුණයාගේ උදරයේ මත්ද්‍රව්‍ය පැකට්ටුවක්

Published in පුවත්
Saturday, 03 February 2024 13:11

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ පහර දීමකින් ජීවිතක්ෂයට පත් වූ බවට ඥාතීන් සහ ගම්වාසීහු චෝදනා එල්ල කළ 22 හැවිරිදි තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාවලට අනුව ශරීරයේ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තිබූ බවත් සිරුරේ අභ්‍යන්තර තුවාල කිසිවක් නොතිබූ බවත් වාර්තා වී තිබේ.

එම මරණය සම්බන්ධයෙන් ඉකුත් 31 සහ පෙරේදා (01 දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මරණයට හේතුව විමර්ශන යටතේ පවතින බව සටහන් කර තිබේ. මෙම පරීක්ෂණයේදී නිරීක්ෂණ වාර්තාවට අනුව මෘතශරීරයේ, උදරය තුළ කැඩී්ය ප්ලාස්ටික් පැකට්ටුවක් තිබූ බවත්, මරණකරුගේ මුත්‍රා සම්බන්ධව සිදුකළ පරීක්ෂණයේදී එම මුත්‍රාවල අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගුව තිබූ බවට හඳුනා ගෙන ඇති බවද සටහන් වේ. මරණයට හේතු විය හැකි හෝ ඊට දායක විය හැකි අභ්‍යන්තර තුවාල කිසිවක් නිරීක්ෂණය නොවන බවටද වාර්තා වේ.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණයේ සාක්ෂි සඳහා මෙම නඩුව ලබන 13දා නැවත කැඳවන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. අනුරාධපුර දෙවැනි පියවරේ පදිංචි 22 හැවිරිදි සනුක ගිහාන් මාරඹගේ නමැති තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත් වූ බව පවසමින් ඥාතීන් හා ගම්වාසීහු පිරිසක් ඉකුත් 30 දා රාත්‍රී අනුරාධපුර පොලිසිය අසලදී සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දුන්හ.

පොලිසිය වැටලීම සිදු කරන අවස්ථාවේදී බියට පත් වූ මෙම තරුණයා අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට්ටුවක් ගිල දමන්නට ඇති බවට සැක කරන බවත් මෙහිදී අදහස් දැක්වූ පොලිස් නිලධාරියෙකු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us