සනත් නිශාන්තට මාරක අපලයක් තියෙන බව මිය යන්න සති 2කට පෙර ඔහුම කියයි

Published in පුවත්
Friday, 26 January 2024 08:20

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා පොලීසියට කරුණු හෙළිකර තිබේ.

ඒ අනුව රියරුදු ප්‍රභාත් එරංග පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ,

"අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා."

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 160 ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇති බවද මාධ්‍ය වාර්තා පළවෙයි.

අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ හිසට සහ දකුණු කකුලට බරපතළ තුවාල සිදුවී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, "මට මාරක අපල තියෙනවා කියලා හඳහන බලපු ජ්‍යොතිෂවේදියෙක් කිව්වා" යැයි කටුනායක අධිවේගී මාර්ගයේ වූ මාරක රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මීට දින කිහිපයකට පෙර මාධ්‍යවේදීන් සමග පැවැති සුහද හමුවකදී ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි.

මීට සති දෙකකට පෙර කොළඹදී මෙම සුහද හමුව පවත්වා තිබුණි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිනාසෙමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, "ගහේ හලේ ගැහුවත් උඹව මරන්න බැහැ" යැයි සිය හඳහන බැලූ ඥාතියෙකු පැවසූ බවය. "ඒ් වගේම මම අදටත් ජීවත් වෙනවා." යැයිද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

තවද දේශපාලනයෙන් සමුගන්නා ලෙසට පවුලේ සාමාජිකයන් තමාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසා ඇත.

මේ අතර රිය අනතුර සිදුවෙන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමග සිටි ආරක්ෂක නිලධාරියා වන්නේ පොලිස් කොස්තාපල් අනුරුද්ධ ජයකොඩිය.

ඔහු ද එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණි.

මහව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු වන ඔහු රාජ්‍ය අමාත්‍යවරයා සිටි අසුනට පිටුපස අසුනේ සිට තිබුණි.

-P.M

Last modified on Friday, 26 January 2024 08:22

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us