උතුරට පොලිස් බලතල දිය නොහැකියි -රජය

Published in පුවත්
Monday, 25 August 2014 10:24

උතුරු නැගෙනහිර පළාත් සභා සඳහා පොලිස් බලතල බෙදීම පොදු මහජන ප්‍රතිපත්තියක් මත සිදු කළ නොහැකි බව රජය යළිත් වරක් සඳහන් කරයි.

ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව අමතමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා ඇත්තේ 13 වැනි  ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලතල රැසක් ප්‍රමාණවත් ලෙස පළාත් සභාවලට බෙදා ඇති බවයි.

එබැවින් උතුරේ ජනතාව වෙනුවෙන් යමක් කිරීමට කිසිවක් නැතැයි කියා සිටීම මගින් උතුරු පළාත් සභාව කල්මරමින් සිටින බවද ඒ මහතා  පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම පොලිස් බලතල හැර සෙසු සෑම බලයක්ම අවශ්‍ය ප්‍රමාණයකට ලබාදී ඇති බවත්, එබැවින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට යළි යළිත් පැවසීම පිළිගත හැකි කරුණක් නොවන බවත්, වඩා ප්‍රායෝගික වන්නේ පවතින දේ භාවිත කරමින් නිර්මාණශීලීව යමක් කිරීම බවත් විදේශ අමාත්‍යවරයා පවසා සිටියේය.

මේ අතර, පොලිස් බලතල සහ ඉඩම් බලතල උතුරු පළාත් සභාවට ලබාදිය නොහැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ද පවසයි.

බදුල්ල - පස්සර ප‍්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නැවතත් සන්නද්ධ ව්‍යාපාරයක් ඇති වීමේ ඉඩකඩ පවතින හෙයින් එවැනි බලතල ලබාදිය නොහැකි බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us