ධනංජය, ලෝක ටෝස්ට් මාස්ටර්වේ (වීඩියෝ)

Published in පුවත්
Monday, 25 August 2014 10:27

මලයාසියාවේ  ක්වාලාලාම්පුර් නුවර පැවති හැත්තෑ පස්වෙනි  ටෝස්ට් මාස්ටර්  ජාත්‍යන්තර ලෝක ශූරතා කථීක තරගාවලියේදී  දක්ෂතම ඉංග්‍රීසි කථීකයාට හිමි ලෝක ශූර කිරුළ හිමි කරගත් ධනංජය හෙට්ටි ආරච්චි  මහතා ඊයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන්  දිවයිනට පැමිණියේය.

ආසියානු ජාතිකයෙකු මෙම ලෝක ශූරතාවය හිමිකරගත් පළමු අවස්ථාව මෙය වෙයි.

ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් දිවයිනට පැමිණි ධනංජය හෙට්ටි ආරච්චි මහතාව ටෝස්ට් මාස්ටර් සමාජ සංගම්හි නිලධාරීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින්  ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

ටෝස්ට් මාස්ටර් ඉන්ටර්නැෂනල් විසින් වසරක් පාසා පවත්වන මෙම ලෝක ශූරතා තරගාවලියට ලොව පුරා රටවල් 126 ක  14500 ට අධික ටෝස්ට් මාස්ටර් සමාජ සංගම්වලින් කථීකයෝ 30000 ට අධික පිරිසක් සහභාගී වූහ.

සිව් දිනක් පුරා පැවති තරගාවලියේ පසුගිය අගෝස්තු 21 පැවති අවසන් පුර්ව තරගාවලියේදී ලොව හොඳම කථීකයින් 9 දෙනා තුන්දහසකට අධික නරඹන්නන් ඉදිරියේ තම කුසලතා දැක්වුහ

ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වෙන තරගාවලියේ  ‘අයි සී සම්තින්‘  යන මාතෘකාව යටතේ විනාඩි 7 ක කතාවක් පැවැත්වු ධනංජය ප්‍රේක්ෂකාගාරයේ සිටි සියළු දෙනා තම ග්‍රහණයට නතු කර ගත්තේය.

විටෙක හාස්‍ය මතුකළ ඔහුගේ කතාවේ ගැබ්ව තිබු පණ්විඩය සියළු දෙනාගේ අවධානය යොමු වීම මත ඔහු මෙම ජයග්‍රහණය හිමිකරගත්තේය.

මේ වන විට මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස සේවය කරන ධනංජය  ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.


ධනංජය ඔහු ලැබු ජයග්‍රහණය පිළිබඳ මෙසේ පැවසුවේය

 ‘‘අවුරුදු 75 ක තරගාවලි ඉතිහාසයේ ආසියානු ජාතිකයෙක් ලෝක ශූරතාව හිිමිකරගත් පළමු අවස්ථාව මේක.  ඉතින් මේ ජයග්‍රහණය සමස්ථ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් පමණක් නෙමෙයි සමස්ථ ආසියාවේම ජයග්‍රහණයක්. ඒ නිසා මේ මොහොත ලංකාවට ආඩම්බර වෙන්න පුලූවන් අවස්ථාවක්.

ලෝකයේ සියළු රටවල් වලින් දක්ෂ කථීකයෝ මෙහි තරග කළා. මිනිත්තු හතක කතාවක් මට කරන්න තිබුනේ.  එහිදී මගේ කතාවේ තේමාව උනේ මගේ පියා මා අධ්‍යාපනය අවසන් කර ගෙදර සිටින විට ඔහුගේ යහළුවෙක් වෙත අරන් ගියා. ඒ යහළුවා එදා මා දිහා බලා කිව්වා  ‘‘අයි සී සම්තින්‘‘  කියලා. ඒ කියන්නේ ඔහුට මගේ මොනවා හරි පෙනුනා. ඒත් ඒක එකපාරටම කියන්න බැහැ ටික දවසක් යනවා කිව්වා. ඒ එදා පෙනුන දේට ඔහු මාව යොමු කළා. එහි ප්‍රථීපලය තමයි මා අද මේ ලබා ගත් ජයග්‍රහණය. මගේ කතාවේ තේමාව එයයි.
ඒ වගේම ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව නොවු රටක කෙනෙකු මේ ජයග්‍රහණය හිමිකරගත්තා කිව්වම එතන හිටිය හැමෝම පුදුම උනා.

මම වසර 10 යක් තිස්සේ විවිධ තරගවලට සහභාගී වෙමින් මේ සඳහා පුහුණුව ලබා ගත්තා. පැරදුනු හැම වෙලාවෙම මම එයින් යම් පාඩමක් ඉගෙන ගත්තා. මම අපේ දරුවන්ට කියන්නේ ඕනෙම කෙනෙකුට උත්සාහය සහ උනන්දුව තියෙනවා නම් ලෝක ජයගන්න එක සුළු දෙයක්.‘‘ 

(ලංකාදීප)

9

33

61

52

72

81

DSC07662

DSC07681

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us