කරාපිටිය රෝහල වැසේ

Published in පුවත්
Monday, 25 August 2014 09:51

ගාල්ල කරාපිටිය රෝහ‍ලේ කසළ බැහැර කිරීම නතර කිරීම හේතුවෙන් එම රෝහල වසා දැමීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

 පවතින තත්ත්වය හේතුවෙන් අද (25) දිනයේ සිට කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීම නතර කිරීම ඇතුළු සාමාන්‍ය සේවාවෙන් ඉවත්වීමට  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

“රෝහ‍ලේ කසළ ඉවත් කිරීම දැනට මාසයක පමණ කාලයක සිට නැවතිලා තියනවා. ඒ නිසා පරිසර ගැටලු රාශියක් ඇතිවෙලා තියනවා. මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් බලා‍පොරොත්තු වෙනවා....

කසල ඉවත් කිරීමේ ක්‍රියාවලිය කරන්නේ ගාල්ල මහ නගර සභාව විසින්. සඳුදා (25) වන දිනට පෙර නගර සභාවෙන් කුණු ගෙනියන්නේ නැතිනම් අපි තීරණය කරලා තියනවා. රෝගීන්ගෙත් කාර්ය මණ්ඩලයේත් යහපත ගැන හිතලා හදිසි රෝගීන් පමණක් ඇතුළත් කරගෙන සෙසු සාමාන්‍ය රෝගීන් ඇතුළත් කර නොගැනීමට.”යයි ඔහු පැවසිය.


මේ සම්බන්ධව අප ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාගෙන් කළ විමසීමේ දී නගරාධිපතිවරයා පැවැසුවේ කසළ බැහැර කෙරෙන ඉඩමට ඇතුළුවීම අවහිර වන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් කාණු කැපීම නිසා මෙම කටයුතු පවත්වා ගෙන යාම අකර්මන්‍ය වී ඇති බවයි.

20 වන දින මාර්ග සංවර්ධන අධිකාරිය එම ස්ථානයට ගිහිල්ලා කිසිදු දැනුම් දීමක් නැතිව නගර සභාවටත් දැනුම් දීමක් නැතිව අපේ ට්‍රැක්ටර් රථවලට බාධා වන පරිදි කාණු කපලා එතැන තිබුණු පස් ඉවත් කර තිබුණා.

පසුව ඉඩම් හිමියා එම ගැටලුව පිළිබඳව ගාල්ල ‍පොලීසියේ පැමිණිල්ලක් දාලා තිබුණා. ‍පොලීසිය පරීක්ෂණයක් පැවැත්තුවා. එහිදී ඔවුන් කියලා තියනවා දේශපාලන බලපෑමක් මත මේක කළා. අපේ අවශ්‍යතාවයට කරපු දෙයක් ‍නෙවෙයි කියලා.....”

“මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අපි කුණු දාන්න යන වත්තේ කාණු කපලා කුණු දාන එක නැවැත්තුවානම් අපි කොහොමද කසළ ගෙනියන්නේ. එක රාජ්‍ය ආයතනයක් කෑ ගහනවා කුණු ගෙනියන්නේ නෑ කියලා. තවත් රාජ්‍ය ආයතනයක් කුණු ගෙනියන්න බාධා කරනවා. අපි මොකක්ද ගන්න තීරණය” නගරාධිපතිවරයා විමසා සිටියේය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us