සීනි ගැන රජය ගත්ත තීරණය

Published in පුවත්
Monday, 20 November 2023 20:15

සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

මේ වනවිට රට තුළ පවතින සීනි තොග ගණනය කර අවසන් බැවින් අද (20දා) දිනයේ ඒවා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසුවේය.

ඒ අනුව ඉදිරියේදී සතොස සහ සමූපකාර වෙළෙඳසැල් හරහා සීනි කිලෝවක් රුපියල් 275ක මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බවත් දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් ලෙසින් අලෙවි කරන බවත් පැවසුවේය.

සීනි මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජය කටයුතු කිරීමත් සමඟ වෙළෙඳපොළේ හටගත් සීනි හිඟය තවදුරටත් පවතින බව අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පැවසුවේ උපරිම සිල්ලර මිලක් පමනක් නියම නොකර, තොග මිල, අතර මැදි මිල සහ සිල්ලර මිල යන තුනටම වෙන් වෙන් වූ උපරිම මිලක් නියම කළ යුතු බවය.

රන්ජනා

Last modified on Monday, 20 November 2023 20:16

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us