ඉමියුනොග්ලොබියුලින් සිද්ධියේ වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ ඇතුළු 4ක් රිමාන්ඩ්

Published in පුවත්
Tuesday, 21 November 2023 07:34

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) මිරාන් ධනංජය සහ තොග පාලක සුජිත් වසන්ත කුමාර යන නිලධාරීන් සිවුදෙනා ලබන 29 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඊයේ (20) නියෝග කළාය.

එමෙන්ම දෙවැනි සැකකාර වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක යන අයගේ කාර්යාලයේ ඇති ලිපි ගොනු අද (21) පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය එම කාර්යාලය පරීක්ෂා කරන තෙක් ඉබි යතුරු දමා වසා තබන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළාය.

සැකකරුවන් සිව්දෙනා රජයේ සේවකයන් ලෙස වෛද්‍ය සැපයීම් අංශයේ සේවය කරන බැවින් සහ අදාළ ගනුදෙනුවේ පළමු සැකකරු ඉදිරිපත් කරන ලද WOR සහතිකයේ නිරවද්‍යතාව සොයා බැලීමකින් තොරව රජයේ මුදල් ගෙවීම වෘත්තීය වගකීම නොසලකා කටයුතු කිරීමක් බවටද නිරීක්ෂණය වූ බව ද මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය.

නොඉපදුනු අනාගත දරුවාද ගෙවීමට යටත්ව රජයේ වැටුප් ලබමින් බදු ගෙවන ජනතාවගේ මුදලින් වරප්‍රසාද ලබා හුදු අත්සන් යොදමින් කටයුතු කිරීමත් මනුෂ්‍ය ශරීරයට යොමු වන ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී නිර්දේශ නොසලකා හැරීමත් නිරීක්ෂණය වී ඇති බවත් ඇය කීවාය.

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක ඉමියුනිග්ලොබින් එන්නත නියමිත පරිදි ලංකාවට ගෙන්වා ආනයනය කර තිබේද යන්න සොයා බැලීමේ වගකීම පැහැර හැර ඇති බවත් අනෙකුත් සැකකරුවන් WOR සහතිකය නොමැතිව එන්නත් තොග පරීක්ෂා කිරීමකින් තොරව බාර ගෙන අවස්ථා 6කදී රුපියල් මිලියන 44ක් ගෙවමින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386, සාපරාධී සාවද්‍ය පරිහරණය, පොදු දේපළ පනතට එරෙහි වැරදි සහ කුමන්ත්‍රණයට අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම සිදු කර ඇති බවත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියාය.

සැපයුම්කරු සහ දෙවැනි සැකකරුගේ එකඟතාව නොමැතිව රජයේ මුදල් සැපයුම්කරුගේ ගිණුමට යා නොහැකි බව කී ගිරිහාගම මෙනවිය, එසේ සිදුව ඇත්තේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස බව ද කීවාය.

මෙම සිද්ධියට පෙර තම සේවාදායකයා විදේශ පුහුණුවක් සඳහා 2022.01.04 දින ගිය බවත් නැවත පැමිණ ඇත්තේ දෙසැම්බර් මස 16 දින බවත් දෙවැනි සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේය.

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසින් ඔහු පත්වන්නේ ඉන් පසුව බව කී සාලිය පීරිස් , ඖෂධවල තත්ත්වය සම්බන්ධයෙන් පර්යේෂණාගාරවල පරීක්ෂණ වෛද්‍ය සැපයීම් අංශය සිදු නොකරන බව ද කීවේය. වෛද්‍ය සැපයීම් අංශය සිදු කරන්නේ ඖෂධ ගබඩා කිරීම, බෙදා හැරීම පමණක් බවත් අපරාධමය වගකීමක් කපිල වික්‍රමනායක සිදු කර නැති බවත් පැවැසීය. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසත් මුදල් ගෙවීම කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව බවත් කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අමාත්‍යවරයා සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශන නොකර අපරාධමය වගකීම නිලධාරීන් මත දැමීම යුක්ති සහගත නොවන බව ද හෙතෙම පවසා ඇත.

 

-P.M

Leave a comment

 

ld add copy

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us