'සම්බාහන මධ්‍යස්ථාන පිරික්සන ක්‍රමවේදයක් නෑ'

Published in පුවත්
Friday, 22 August 2014 12:28

ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයන් හී ව්‍යාපාරික ස්ථාන ලෙස ලියාපදිංචි වී පවත්වාගෙන යන ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට නැතැයි දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේද රට පුරා දිස්ත්‍රික් මට්ටමින් ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන 148ක් පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇති බවත්, එසේ අවසර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් ඉල්ලුම්කරුවන් විසින් සපුරා තිබිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය. 


දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකු සම්භාහන මධ්‍යස්ථානයේ සිටිය යුතු අතර ඒවායේ සේවකයන් සියල්ලන්ටම ආයුර්වේද සම්භාහනය පිළිබඳ සුදුසුකම් පැවැතිය යුතු බවද ඇමැතිවරයා කීවේය. එවැනි සුදුසුකම් නොමැති කිසිම ස්ථානයකට ආයුර්වේද දෙපාර්තමේන්තුව අවසර නොදෙන බවද ඒ මහතා සඳහන් කළේය.


දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවසරයකින් තොරව ප්‍රදේශීය ‍ලේකම් කාර්යාලවල ව්‍යාපාරික ස්ථාන ලෙස ලියාපදිංචි වී පවත්වා ගෙන යන සම්භාහන මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට බලයක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට නොමැති බව පැවැසු ඇමැතිවරයා එවැනි ස්ථානයන් හී නීතිවිරෝධී ක්‍රියාවන් සිදුවන්නේ නම් ඒ ගැන සොයා බැලීමට ‍පොලීසියට හැකියාව පවතින බවද කීවේය.


එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us