ස්වර්ණ පුස්තක උළෙලට නිර්දේශිත කෘති පහ

Published in පුවත්
Thursday, 21 August 2014 20:18

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල 2014 සැප්තැම්බර් 06 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. මෙවර පැවැත්වෙන්නේ එහි අට වන සම්මාන උළෙල යි. එම සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත කෘති පහ අද මාධයය වෙත නිකුත් කොට ඇත.

මෙවර විනිශ්ච මණ්ඩලය වෙත ප්‍රකාශන කෘති 106 ක් ලබා දී තිබු අතර ඒ සියල්ල ආයතනයක් ලෙස ලියාපදිංචි වී ඇති ප්‍රකාශන ආයතන වෙතින් 2013 වස‍රේ ප්‍රකාශිත, කෘති වේ. එම කෘති අතුරින් විනිශ්ච මණ්ඩලය පළමුවෙන් ම කෘති 26 ක් තෝරාගෙන ඇත

 ඉක්බිති ඉන් කෘති 17 ක් තෝරා ගෙන ඇත්තේ විනිශ්ච මන්ඩලයේ බහුතරයකගේ කැමැත්ත මත ය. ඉනික්බිති ඊළඟ වටයේ දි පළමු වටයට සුදුසු කෘති 10ක් ප්‍රසිද්ධියට පත් කළේ පසුගිය පස්වන දින යි. අද ප්‍රකාශයට පත්කර ඇත්තේ එම කෘති දහය අතුරින් අවසන් වටයට සුදුසු කෘති 05 යි.
 
එම කෘති පහ, ලේඛක ලේඛිකාවන් සහ ප්‍රකාශන ආයතනයන් පහත දැක්වේ.
 
මගේ ආදරණීය යක්ෂණී      - මංජුල වෙඩිවර්ධන           - සම ප්‍රකාශන
තාරා මගේ දෙව් දුව           - නිශ්ශංක විජේමාන්න        - විදර්ශන ප්‍රකාශන
කුරුලු හදවත                  - ලියනගේ අමරකීර්ති         - සුරස ප්‍රකාශන
මරියා සිලෝනිකා වස්තුව      - පී. බී. ජයසේකර            - විදර්ශන ප්‍රකාශන
පාද යාත්‍රා                       - එරික් ඉලයප්පාරච්චි         - ගොඩගේ ප්‍රකාශන

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us