'2050 දක්වා උපදින දරුවන් ණයකරුවන් කරලා' - තිස්ස

Published in පුවත්
Thursday, 21 August 2014 20:10

ආණ්ඩුව 2050 දක්වා මේ රටේ උපදින දරු පරපුර ණයකරුවන් බවට පත් කොට ඇතැයි  මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසිය.

ඔහු එබව සඳහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු මෙසේද පැවසිය.

''රට තුළ කොතෙකුත් ප්‍රශ්න තිබිය දී පළස්තීනයට අමෙරිකානු ඩොලර් මිලියනයක් හෙවත් රුපියල් ලක්‍ෂ 1300 ක් පරිත්‍යාග කොට තිබෙනවා. පළස්තීනයේ අවතැන්වූවන්ට සහනාධාර ලබාදීමට එම මුදල් පරිත්‍යාග කොට තිබුණත් එවැනි විශාල පරිත්‍යාග කිරීමට රාජ්‍ය නායකයාට බලයක් නැහැ. එවැනි පරිත්‍යාග සිදු කරන්නේ නම් ඒවා අනුමත කරන පිළිවෙළක් තිබිය යුතුයි.

මීට පෙරත් උගන්ඩාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සහ ජල යෝජනා ක්‍රමයක් ඇති කිරීමට මුදල් ලබා දුන්නා. ඊට පසුව මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසට යාම සඳහා මෙහින්ද රාජපක්‍ෂ මාවතෙ ඉදිකිරීම සඳහා ලක්‍ෂ 500 ක මුදලක් පරිත්‍යාග කොට තිබුණා.

සම්මානය වෙනුවෙන් දුන් කප්පමක් :


අද ලෝකයේ ණය බර වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව මුල්තැනක් ගන්නවා. සෑම පුරවැසියෙකුගේම ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්‍ෂ තුනහමාරක් දක්වා වැඩි වෙලා. අපි ණය ලබා ගන්නේ අපට නැති නිසයි. එවැනි පසුබිමක ණයට ලබා ගෙන හිතුමතේ මුදල් පරිත්‍යාග කිරීමට ආණ්ඩුව ක්‍රියා කරනවා. පලස්තීනයෙන් පසුගිය දා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට පෙළස්තීන තරුවෙ නැමැති සම්මානයක් ලබා දුන්නා.

එම සම්මානය වෙනුවෙන් ඩොලර් මිලියනක් පරිත්‍යාග කොට ඇති බව පැහැදිලිව පෙනෙනවා.

අපේ රටේ මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව ආදී ප්‍රදේශ රැසකම ජනතාව පානීය ජලය නොමැතිව විශාල ලෙස දුක්විඳිනවා. රාජ්‍ය නොවන ආයතන මෙන්ම වෙහෙර විහාරස්ථාන ඇතුලූ ආගමික සංවිධාන එම ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා මහජනතාවගෙන් ආධාර බලාපොරොත්තු වන බව අප පසුගිය කාලයේ දී දුටුවා.  එම ජලය පරිත්‍යාග කරන විට එම ප්‍රදේශවල දිසාපතිවරුන් තම ප්‍රදේශවලට මහජන ආධාර ලබා දෙන ලෙස ද ඉල්ලා සිටිනවා. එලෙස රටේ ජනතාව නියඟයෙන් පීඩාවට පත්වී සිටිද්දී ඔවුන්ට ආධාර නොදෙන රාජපක්‍ෂ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් ලෝකය වටේ මුදල් බෙදා දීම පුදුම සහගතයි.

නියඟයෙන් පීඩා විදිනවාට අමතරව ජනතාවට රෝහල්වලින් ලබා දෙන්නේ බෙහෙත් වෙනුවට තුණ්ඩු පමණයි. එමෙන්ම හදවත් ඇතුලූ විවිධ සැත්කම් සඳහා යොමු කළ යුතු රෝගීන් විශාල පිරිසක් මාස ගණනක් තිස්සේ පොරොත්තු ලේඛනයේ සිටිනවා. ඊට පිළියම් යොදන්නේ නැති ආණ්ඩුව විදේශ රටවලට තෑගි ලබා දෙනවා.

ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට මුදල් නැහැ:

වැඩ කරන ජනතාව තමන්ට ජීවත් වීමට නොහැකි බවට විශාල අරගලයක යෙදී සිටියත් ආණ්ඩුව ඒ පිළිබඳ කිසිඳු තැකීමක් කරන්නේ නැහැ. එමෙන්ම පාසල් දරුවන්ට නිසි වේලාවට නිල ඇඳුම් හා පොත්පත් ලබාදීමට අසමත් වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ විවිධ ප්‍රශ්න තිබෙන අතර අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට ආණ්ඩුවට මුදල් නැහැ. එමෙන්ම ප්‍රදේශ රැසකම ජනතාව වන අලි කරදරයෙන් පීඩාවට පත්වෙලා. ඔවුන් ආරක්‍ෂා කර ගැනීමට අලි වැට ඉදිකිරීමටවත් මුදල් ලබාදීමට ආණ්ඩුවට පුලූවන්කමක් නැහැ. අපේ රටේ ජනතාව දුක් විදිමින් සිටිය දී ඔවුන්ට සහනාධාර සඳහා මුදල් වියදම් කරන්න බැරි ආණ්ඩුව විදේශ රටවලට මුදල් පරිත්‍යාග කරනවා.

රටවල් අතර ආපදා අවස්ථාවලදී විවිධ හුවමාරු කිරීම් කටයුතු සිදු කරනවා. ශ්‍රී ලංකාවත්, වෙනත් රටවල් අතරත් මීට පෙර එවැනි හුවමාරු කිරීම් සිදු වුවත් මුදල් පරිත්‍යාග කිරීමක් සිදු කොට නැහැ. ශ්‍රී ලංකාවෙන් පරිත්‍යාග කොට තිබෙන්නේ තේ ඇතුලූ නිෂ්පාදන පමණයි. නමුත් මේ ආණ්ඩුව ණයට ලබාගත් මුදල් වලින් විවිධ පරිත්‍යාග කරමින් සිටිනවා.


2070 වෙනතුරු ණය වෙන්නයි යන්නේ :

චීන ජනාධිපතිවරයා ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔහු පැමිණි පසුව තවත් ණය ගැනීම් සඳහා වූ ගිවිසුම් අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. සරත් අමුණුගම අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී පිළිගත් මුල්‍ය ආයතනවලින් ශ්‍රී ලංකාවට ණය ගැනීමේ හැකියාව අඩු වී ඇති බවත්, එම නිසා වෙනත් මූල්‍ය ආයතනවලින් ණය ගැනීමට සිදුව ඇති බවත් අවධාරණය කළා. එම ප්‍රකාශය ඉතාමත්ම බරපතළ ප්‍රකාශයක් බව කිව යුතුයි. පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ සංවිධාන ශ්‍රී ලංකාවට ණය දීම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙන්නේ  ශ්‍රී ලංකාව අධික ණය බරතාවකින් පෙළෙන නිසයි.

ආණ්ඩුව 2050 දක්වා මේ රටේ උපදින දරු පරපුර ණයකරුවන් බවට පත් කොට අවසානයි. තවදුරටත් ණය ගැනීම තුළ 2070 දක්වා ඉපදීමට සිටින දරු පරපුරත් ණයකරුවන් බවට පත් කරමින් සිටින බව ද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us