මාර්ග අනතුරු පාලනයට ජනපති සැරසේ !

Published in පුවත්
Thursday, 02 November 2023 11:02

මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

සාගල රත්නායක මේ බව සඳහන් කළේ ඊයේ (01) දිනකොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති “Safe Roads – Safe Children” ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සමුළුව-2023 අමතමිනි.

මාර්ග අනතුරුවලට ලක් වීමෙන් ළමුන්ට මුහුණ දීමට සිදුවන වැළැක්විය හැකි මරණ සහ ජීවිත කාලය පුරාවට ආබාධිත තත්ත්වයට පත් වීම අවම කිරීම මෙවර සමුළුවේ දී මූලික අවධානයට ලක් වූ අතර ඒ වෙනුවෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, නීතිය හා සාමය ආදි ක්ෂේත්‍රයන්හි කාර්යභාරය පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්විණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us