පසුගිය වසරට වඩා සංචාරක පැමිණීම් දෙගුණයකින් ඉහළට

Published in පුවත්
Thursday, 02 November 2023 10:23

මේ වන විට මෙම වසරේ මුල් මාස 10 තුළ මෙරටට සංචාරක පැමිණීම 1,125,000 ඉක්මවවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක සඳහන් වේ.

පසුගිය වසර තුළ සංචාරක පැමිණීම් වාර්තා වී තිබුණේ 719,978 ක් පමණි. මේ අනුව මෙම වසරේ ඉදිරි මාස දෙක ඇතුලත අපේක්ෂා කරන සංචාරක පැමිණීම් අනුව පසුගිය වසරට වඩා සංචාරක පැමිණීම් ප්‍රමාණය දෙගුණයකට ආසන්න වෙනු ඇත.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය අනුව 2023 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 109,199කි.

ඔක්තෝබර් මාසය තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 28,222ක්.

මීට අමතරව රුසියාවෙන් 10,629ක් එක්සත් රාජධානියෙන් 8,454ක් ජර්මනියෙන් 7,548ක් චීනයෙන් 6,211ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණි ඇත.

tourism sri lanka

Last modified on Thursday, 02 November 2023 10:27

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us