ඊයේ රාත්‍රියෙත් ගාසා තීරයට ප්‍රහාර -හමාස් ප්‍රබල නායකයෙකුත් මරුට !

Published in පුවත්
Wednesday, 01 November 2023 12:54

හමාස් ඉලක්ක වෙත ඊයේ රාත්‍රියේදීත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ.

මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ ගාසා තීරසේ උතුරු ප්‍රදේශයේ ජබාලියා නම් නගරය වෙත බවයි ඊශ්‍රායල් ආරක්ෂක අංශ වාර්තා කර සිටියේ.

එම ප්‍රහාරය මගින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් භූගත බංකරයකට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බවත් ඊශ්‍රායල් ආරංචිමාර්ගවලින් වාර්තාවේ. ජබිලියා හි ඉබ්‍රහිමි බියරි නම් හමාස් නායකයත් තවත් ත්‍රස්තවාදීන් 50 දෙනෙකු තමන් එල්ල කල මිසයිල ප්‍රහාර වලින් මරණයට පත්වූ බවට ඊශ්‍රයලය පවසන අතර එසේම ප්‍රහාරයත් සමග තවත් පිපිරීම් ඇතිවුයේ හමාස් සංවිධානය භූගතව එහි රැස්කර තිබු බෝම්බ ඇතුළු අවි ආයුධ වලින් බවයි ඊශ්‍රායලය පවසන්නේ.

තමන්ගේ ප්‍රහාරයෙන් මරණයට පත් වූ ඉබ්‍රහිමි බියරි ඔක්තෝම්බර් 7 ප්‍රහාරය මෙහෙයවූ නායකයෙකු බවත් ඔහු එම සරණාගත කදවුරේ රැදී සිටින ලෙස තොරතුරු ලැබීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල කල බවට ඊශ්‍රායලය ප්‍රකාශ කරයි .. ...
එහෙත් හමාස් සංවිධානය පවසන්නේ ඊයේ ඊශ්‍රායලය ඊයේ දින ප්‍රහාර එල්ල කලේ සරණාගත කදවුරකට බවත් එහිදී සමාන්‍ය වැසියන් 50 මරණයට පත්ව 150 තුවාල ලද බවයි ..

ඊයේ ගසා තිරයේ සටන්වලින් තම හමුදාවේ 11 මරණයට පත්වූ බවට ඊශ්‍රයලය පවසන අතර හමාස් ත්‍රස්තවාදීන් විශාල පිරිසක් තමන් මරණයට පත්කල බවත් ඊශ්‍රයලය පවසයි ..
ඊයේ දිනත් ඊශ්‍රායලය වෙත හමාස් සංවිධානය විසින් රොකට් ප්‍රහාර එල්ල කල අතර ඉන් කීපයක් ටෙල් අවිව් ඇතුළු නගර කීපයක් මත පතිත වී ඇත ..

මේ අතර ගසා තිරයට ආහාර , බෙහෙත් ඇතුළු ද්‍රව්‍ය ලොරි මගින් ඊජ්ජිත්තුව හරහා රැගෙන ඒමට ඊශ්‍රයලය ඉඩ ලබා දී ඇති අතර දැනට ලොරි රථ 50 කට ආසන්න ප්‍රමාණයක් එම ද්‍රව්‍ය රැගෙන දිනකට යන අතර ඇමරිකාව පවසන්නේ එම රථ ප්‍රමාණය දිනකට 100 ක් දක්වා වැඩි කිරීමට තමන් ඊශ්‍රායලය හා සාකච්ජා කරන බවයි ..

ඊයේ දින ඇමරිකන් ජනපති ජෝ බයිඩන් ජෝර්දානයේ අබ්දුල්ලා රජු අතරත් ඒ සම්බන්ධව දුරකතනයෙන් සාකච්ජා සිදු වී ඇති බවත්,ගසා තිරයේ තුවලා ලබා සිටින පිරිස් ඊජ්ත්තුව වෙත ප්‍රතිකාර සදහා රැගෙන යාමටත් ඉඩ ලබා දීමටත් ඊශ්‍රායලය එකග වීමට නියමිත බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සදහා ඇමරිකාව විසින් වැඩ පිළිවෙලක් සැකසෙමින් ඇති බවත් වාර්තා වේ.

පසුගිය හත්වනදා ආරම්භ වූ ගැටුම්වලින් මේ වනතෙක් මියගොස් ඇති ඊශ්‍රාලය ජාතිකයින් සංඛ්‍යාව 1400 කට අධික වන අතර තවත් 239 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් ග්‍රාහණයේ පසුවන බවත්, මේ වනවිට ඊශ්‍රයල ගුවන් ප්‍රහාර වලින් ගසා තිරයේ වැසියන් 8500 මරණයට පත්ව ඇති අතර හමාස් සංවිධනය ප්‍රාණ ඇපකරුවන් 240 තවමත් රදවා ගෙන සිටින බවත් තහවුරු වී ඇත ..

ඊයේ දින හිස්බුල්ලා ත්‍රස්තවාදීන් ලෙබනනයේ සිට ඊශ්‍රයලය වෙත ප්‍රහාර කීපයක් එල්ල කර ඇති අතර එයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායෙල් හමුදාවෙන් ප්‍රහාර එල්ල වී ඇති අතර මේ වනවිට බියට පත් ලෙබනනයේ වැසියන් විශාල පිරිසක් දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශයෙන් පිටත් වී ආරක්‍ෂිත ස්ථාන කර ගමන් කිරීම අරඹා ඇත .

 

-RS

Last modified on Wednesday, 01 November 2023 13:03

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us