ඩීසල් ඉහළ ගියාට බස් ගාස්තු වැඩි වන්නේ නැහැ.. පුද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි !

Published in පුවත්
Wednesday, 01 November 2023 10:18

ඩීසල් මිල ඉහළ ගිය ද, බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීම බස් හිමියන්ට දරාගත නොහැකි තත්ත්වයක් වුවත් මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමට උනන්දු නොවන බවයි අදහස් දක්වමින් එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ.

කෙසේ වෙතත් නැවත වතාවක් ඩීසල් මිල ඉහළ දැමුව හොත් ඉතා ඉහළ අගයක බස් ගාස්තු සංශෝධනයක් කිරීමට සිදුවන බවද ඔහු පැවසී ය.

''ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීම බස් හිමයාට දරාගත නොහැකි තත්ත්වයක්. නමුත් මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමට අපි කිසිසේත් උනන්දු වන්නේ නැහැ. අපි විශ්වාස කරනවා මගී ජනතාව සහ බස් රථඛ හිමියන් , සේවකයින් දැන් කළ යුත්තේ රජයට බලපෑම් කළ යුතුයි. නැවත වතාවක් ඩීසල් වැඩි කරන්න එපා.. එහෙම වැඩි කළොත් බස් රථ හිමියාට සිද්ධ වෙනවා ඉතා ඉහළ අගයකින් බස් ගාස්තු සංශෝධනයක් කරා යන්න''
(අංජන ප්‍රියන්ත )

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගත්තේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 356කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දැමූ අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 423 ක් ලෙසයි.

මිල ද රුපියල් 5කින් ඉහළ දැමූ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 356ක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසී ය.

සුපිරි ඩීසල් ලීටරයක් ද රුපියල් 10කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 431 කි.

රුපියල් 242ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ නංවා තිබේ.

භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 249 කි.

මේ අතර ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කිරීමට පියවර ගත්තේ ය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us