පලස්තීන රාජ්‍යය බිහි වීම විය යුතුයි - ජනාධිපති Featured

Published in පුවත්
Monday, 23 October 2023 12:55

ඊශ්‍රායල – හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කරන්නේ නැහැ. ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බවත් පලස්තීන රජයකුත් බිහි වීමට අවශ්‍ය බවත් ජනපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (22) පෙරවරුවේ මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි.

''ඊශ්‍රායල – හමාස් සටන නිසා ගාසා තීරයේ පලස්තීන ජනතාව සිර වී සිටිනවා. එම ජනතාව දුක් විඳීම අප අනුමත කරන්නේ නැහැ. එම ජනතාවට අවශ්‍ය ආහාර ලබා දෙන්න කියා අප ඉල්ලා සිටිනවා. ඊශ්‍රාලය පැත්තෙන් පමණක් නොවෙයි ඊජිප්තුව පැත්තෙනුත් එම ආහාර සපයා දිය යුතුයි. ඒ වගේම ජලය ලබා දිය යුතුයි.
ඊශ්‍රායල – හමාස් සටන එක ප්‍රශ්නයක්. නමුත් මෙම අරගලයේ දී සාමාන්‍ය පලස්තීන ජනතාව ඊට ගොදුරු නොවිය යුතුයි. ඒ නිසා එය විසදාගැනීමට ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් පියවර ගනිමින් සිටිනවා. එසේම අනෙක් රටවල් ඒ සඳහා එකඟ වී තිබෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රශ්නය විසඳලා එම ප්‍රදේශවල සාමය ඇති කිරීමට එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ මහලේකම්වරයා ගෙන යන කටයුතුවලට අපේ සම්පූර්ණ සහාය ලබාදෙන බව මම සඳහන් කරන්න කැමතියි. එසේම පලස්තීන රජයකුත් බිහි වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළයුතුයි.'' යැයි පැවැසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් මෙසේද පැවසීය,

අද අපි නබි නායකතුමාගේ උපන්දිනය සමරනවා. මම මන්නාරම දිස්ත්‍රික්කයට පැමිණ සහභාගිවන දෙවන ආගමික උත්සවය මෙයයි. මාස කිහිපයකට පෙර අපි මඩු පල්ලියේ පැවති උත්සවයට සහභාගී වුණා.
මෙම උත්සවය උත්කර්ෂවත්ව සංවිධානය කිරීම පිළිබඳ මම ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත ස්තූතිවන්ත වෙනවා.

මෙම උත්සවය වගේම නව පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම, නිවාස ව්‍යාපෘති ආදි සංවර්ධන වැඩසටහන් මෙහි ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම සංවර්ධනය මන්නාරම දිස්ත්‍රික්කයට අවශ්‍යයි. මෙම ප්‍රදේශය යුද්ධයෙන් හානි වූ ප්‍රදේශයක්. ඒ නිසා මෙම ප්‍රදේශවල අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා.

විශේෂයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ මාර්ග ඉදිකිරීම පිළිබඳ අපි සාකච්ඡා කරගෙන යනවා. ඇමතිතුමා මට එය පාර්ලිමේන්තුවේදීත් මතක් කරනවා.

විශේෂයෙන් මේ ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම වගේම මෙහි අධ්‍යාපනය දියුණු කළයුතුව තිබෙනවා. මන්නාරම නගරයේ අධ්‍යාපනය යහපත් මට්ටමක තිබෙනවා. නමුත් දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රදේශවල අධ්‍යාපනය පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැහැ.

ඒ වගේම මේ ප්‍රදේශයේ විශාල සංවර්ධන වැඩසටහනක් අප සැලසුම් කර තිබනවා. දැනටමත් ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු මාර්ගයෙන් ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා. අපි කංකසන්තුරේ එය ආරම්භ කළා. ඊළඟට තලෙයිමන්නාරමේ එය ආරම්භ කරනවා. ඒ සමඟම ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. එය සිදුවන්නෙත් මෙම මන්නාරම හරහා බව මම කියන්න කැමතියි.

මෙය ආරම්භය පමණයි. මේ සමඟ ඉදිරියේ දී මන්නාරම දියුණු වෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ හරිත ආර්ථිකය සහ හරිත බලශක්තිය සඳහා ඉහළ විභවයක් පවතිනවා. මෙහි තිබෙන සූර්ය බලයෙන් මෙම ප්‍රදේශය දියුණු කළ හැකියි. පුත්තලමේ සිට මන්නාරම යාපනය අර්ධද්වීපය හරහා මුලතිව් වන තෙක් එම හැකියාව තිබෙනවා. එසේම මෙහි කේන්ද්‍රස්ථානය බවට පුනරින් නගරය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ හා සමගාමීව ධීවර කර්මාන්තය දියුණු කළ විට මෙම මන්නාරමට අලුත් ආර්ථිකයක් ලැබෙනවා.

අද අප මෙතනට පැමිණ සිටින්නේ නබි නායකතුමා සිහිපත් කිරීම සඳහායි. නබි නායකතුමා දේශනා කළ එම ධර්මය තමයි අද ලංකාවේ තිබෙන්නේ. ඒ නිසා අප මෙම උත්සවය ජාතික උත්සවයක් ලෙස සළකනවා.

අපේ ප්‍රතිපත්තිය සෑම ආගමකටම සමානව සැලකීමයි. ඒ වගේම සෑම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම අපේ අරමුණයි. මෙහි සිටින මුස්ලිම් ජනතාවට යම් යම් ගැටලු තිබෙනවා. ඒවා විසඳීමටත් ආණ්ඩුව කටයුතු කරන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි. මම භාරගත්තේ බංකොළොත් රටක්. අපි තවම එම බංකොළොත්භාවයෙන් ගොඩඑමිනුයි සිටින්නේ. එම නිසා එම වැඩකටයුතු අපි ක්‍රමානුකූලව කරගෙන යමු.
නබි නායකතුමාගේ ඉස්ලාම් ධර්මය අද මොරොක්කෝවේ සිට ඉන්දුනිසියාව දක්වා අප්‍රිකාවේ, යුරෝපයේ මේ සෑම තැනම පැතිරී තිබෙනවා.

නබිනායකතුමා මෙම ධර්මය දේශනා කරද්දි ඒ ප්‍රදේශයේ ක්‍රිස්තියානු යුදෙව්වන් සියලුදෙනා ජීවත් වුණා. ප්‍රශ්න තිබුණේ නැහැ. නමුත් අද එහෙම නොවයි විශාල ප්‍රශ්න තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය සිකුරාදා පලස්තීන ප්‍රශ්නය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කළා. ඊට ප්‍රථම ආණ්ඩුවත් අදහස් ප්‍රකාශ කර තිබුණා. පාර්ලිමේන්තුවේත් අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

ගාසා තීරයට ආහාර ලොරි 20 ගෙන ගොස් තිබෙන බව අපට අහන්න ලැබුණා. නමුත් එය ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය මතු වෙනවා.

ඊශ්‍රායල – හමාස් සටන නිසා ගාසා තීරයේ පලස්තීන ජනතාව සිර වී සිටිනවා. එම ජනතාව දුක් විඳීම අප අනුමත කරන්නේ නැහැ. එම ජනතාවට අවශ්‍ය ආහාර ලබා දෙන්න කියා අප ඉල්ලා සිටිනවා. ඊශ්‍රාලය පැත්තෙන් පමණක් නොවෙයි ඊජිප්තුව පැත්තෙනුත් එම ආහාර සපයා දිය යුතුයි. ඒ වගේම ජලය ලබා දිය යුතුයි.

ඊශ්‍රායල – හමාස් සටන එක ප්‍රශ්නයක්. නමුත් මෙම අරගලයේ දී සාමාන්‍ය පලස්තීන ජනතාව ඊට ගොදුරු නොවිය යුතුයි. ඒ නිසා එය විසදාගැනීමට ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් පියවර ගනිමින් සිටිනවා. එසේම අනෙක් රටවල් ඒ සඳහා එකඟ වී තිබෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රශ්නය විසඳලා එම ප්‍රදේශවල සාමය ඇති කිරීමට එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ මහලේකම්වරයා ගෙන යන කටයුතුවලට අපේ සම්පූර්ණ සහාය ලබාදෙන බව මම සඳහන් කරන්න කැමතියි. එසේම පලස්තීන රජයකුත් බිහි වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළයුතුයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us