විදුලි මෝටර් රථ මගඩියක් - 119න් 75ක් ආනයනය කර ඇත්තේ එක් ආයතනයක්.

Published in පුවත්
Monday, 23 October 2023 12:38

රටට විදේශ විනිමය එවන අපේ විදේශගත ශ්‍රමිකයන් සඳහා විදුලි මෝටර් රථ ගෙන්වීමේ අවස්ථාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ලබා දී ඇති අතර, විදේශ ප්‍රේෂණ මෙරටට එවීම දිරිමත් කිරීමේ අරමුණින් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිය අවභාවිතා කර බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් යුතු එවැනි විදුලි මෝටර් රථ 119 ක් ආනයනය කර ඇති බවත් ඉන් වාහන 75 ක්ම එක් ආයතනයක් මගින් ආනයනය කීරීම මගින් මෙම ක්‍රියාවලිය අවභාවිත වී ඇති බව, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම, මෙම වාහන ආනයනය කිරීමට ප්‍රථම එම බලපත්‍ර අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බවත්, වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 250,000 ක් වන විට බලපත්‍රය අලෙවි කිරීම සඳහා රුපියල් මිලියන 5 ක තීරු බද්දක්දක් මොවුන් විසින් අය කරනු ලබන බවත් එහිදි අනාවරණය විය. මෙම ජාවාරම්කරුවන් මෙමගින් විශාල ආදායමක් උපයන අතර රජයට ලැබිය යුතු බදු ආදායමද අහිමි වීමක් සිදු වන බවද මෙහිදී අනාවරණය විය.

විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබා දී තිබෙන මෙම බලපත්‍රය භාවිතා කොට රටට අනියම් ලෙස, විදුලි මෝටර් රථ ගෙන්වා, ඒවා අලෙවි කිරීමේ වංචනික ක්‍රියාවලියක් සිදු වී ඇති බව අදාළ විමර්ශනයේ දී පැහැදිලි වූ බව කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය. ඒ නිසා එය වහාම නතර කිරීමටත්, අදාළ විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභය අයථා ආකාරයෙන් භාවිතා කළ අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද සභාපතිවරයා මෙහිදී නියෝග කළේය. මෙම වාහන සඳහා නිසි පරිදි තීරු ගාස්තු අය කළේ නම් රටට ලැබිය යුතු ආදායම ගණනය කරන ලෙස ශ්‍රී ලංකා ‍රේගුව වෙත නි‍ර්දේශ කළ සභාපතිවරයා විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ලබා දී තිබෙන මේ බලපත්‍රය විධිමත්ව භාවිතා කිරීම පිළිබඳ කම්කරු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශයත්, මුදල් අමාත්‍යාංශයත් එක්ව කටයුතු කළ යුතු බවට ද නිර්දේශ කළේය.

එමෙන්ම, අන්තර්ජාතික ආයතනයක් මගින් රජය වෙත ලබා දී තිබෙන වාර්තාවකට අනුව, දැනට ඩොලර් බිලියන දහයක පමණ සීමාවේ තිබෙන ශ්‍රී ලංකාවේ අපනයන ආදායම දෙගුණයක් එනම්; ඩොලර් බිලියන විස්ස දක්වා වැඩි කිරීමේ හා අපනයන ආදායමේ ශුද්ධ බලපෑම (net effect) බිලියන 8.6 දක්වා වර්ධනය කර ගැනීමේ හැකියාවක් තිබෙන බව , පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එම වාර්තාව මගින් මෙරට තුළ අපනයන දිරිමත් කරන විධිමත් තීරුබදු ප්‍රතිපත්තියක් පැවතීමේ අවශ්‍යතාව අවධාරණය කොට තිබේ. මෙරටට භාණ්ඩ ආනයනය කිරීමේදී ආයෝජන භාණ්ඩ, අතරමැදි භාණ්ඩ හා පරිභෝජන භාණ්ඩ ලෙස භාණ්ඩ ආනයනය කරන බවත්, ඒ සඳහා විවිධ තීරුබදු අනුපාත අය කරන බවත් මෙහිදී අනාවරණය කෙරීණි.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඔක්තෝබර් 18 වැනිදා එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. එහිදී ආනයන තීරුබදු ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකා රේගුවේ හිඟ බදු සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ කාරක සභාව විසින් විමර්ශනය කරන ලදී.
විශේෂයෙන්ම අභ්‍යන්තර බදු හා දේශසීමා බදු යන බදු දෙවර්ගය ගැන සළකා බලා, දැනට පවතින HS CODE (Harmonized Commodity Description and Coding System) 8200 ක පමණ ප්‍රමාණය ද සැළකිල්ලට ගෙන අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා මෙම තීරුබදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව විධිමත් ප්‍රතිපත්තියක් සකස් කිරීමට කාරක සභාව මුදල් අමාත්‍යාංශය වෙත නිර්දේශ කළේය.

විශේෂයෙන්ම රත්තරන් හා දුරකථන වැනි වටිනා භාණ්ඩ නීතිවිරෝධී අන්දමින් මෙරටට ගෙන්වීමේදී එම භාණ්ඩ රාජසන්තක කොට එහි වටිනාකම මෙන් තුන් ගුණයක බදු අය කර ගැනීම ට රේගුවට නීතියෙන් ඉඩකඩ තිබුණද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇති අභිමතය භාවිතා කොට එම දඩ ප්‍රමාණය අය කර නොගැනීම පිළිබඳ කාරක සභාව විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසන ලදී.

ඒ අනුව දැනට 100% ක දඩ අයකර ගැනීම සඳහා නියෝගයක් ලබා දී තිබෙන බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය. එමගින් පුද්ගලයන් දස දෙනෙකුගෙන් රුපියල් මිලියන 292 ක දඩම මුදල් අය කර ගෙන ඇති බවද එහිදි අනාවරණය විය. එම භාණ්ඩ සඳහා රේගුව මගින් තුන් ගුණයක දඩ මුදල් අය කර නොගැනීම මගින් රජයට අහිමි වී ඇති ආදායම ගණනය කර කාරක සභාව වෙත වාර්තා කරන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා රේගුවට නිර්දේශ කළේය. එමෙන්ම, රේගු බදු ආදායම ලෙස ලැබිය යුතු රු. බිලියන 58 ක (රු. කෝටි 5800ක) මුදල අය කර ගැනීම සඳහා විශේෂයෙන් ම මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වහාම පියවර ගත යුතු බව අවධාරණය කළ සභාපතිවරයා, මේ අයවිය යුතු බදු ආදායම රේගුවට සහ ඒ හරහා භාණ්ඩාගාරයට නොලැබෙන්නේ මන්ද යන්න නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

නීති විරෝධීව කරුංකා ආනයනය කොට ප්‍රති අපනයනය කිරීම පිළිබඳ ගැටලුවේදී ශ්‍රී ලංකාවේ කරුංකා වලට (පුවක් වලට) පකිස්ථානය හා ඉන්දියාව වැනි රටවල විශේෂ ඉල්ලුමක් පවතින බවත්, මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 4000කට පමණ මුදලකට අලෙවි කළ හැකි නමුත් ඉන්දුනීසියාව, මැලේසියාව හා මියන්මාරයෙන් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 750-900කට කරුංකා ගෙන්වමින්, ඒවා ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළ බව අඟවමින් අධික ලාභයකට ප්‍රතිඅපනයනය බවත්, කාරක සභාව හමුවේ අනාවරණය විය. මෙමගින් ශ්‍රී ලංකාවේ කරුංකා ව්‍යාපාරිකයන්ටත් ගැටළුවක් ඇති වීමට අමතරව මෙම පිරිස මෙසේ දැවැන්ත ලාභයක් උපයන බවද වාර්තා විය. දැනට මෙවැනි කන්ටේනර් 100 කට ආසන්න ප්‍රමාණයක් (කරුංකා මෙට්‍රික් ටොන් 1493ක්) රඳවාගෙන තිබෙන බවත්, 35%ක වටිනාකම එකතු කිරීම මගින් කරුංකා ප්‍රතිඅපනයනය කිරීමට තීරණයක් ගෙන ඇති බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට සහ ප්‍රතිඅපනයනයට මුවා වී මෙට්‍රින් ටොන් එකකින් ඩොලර් තුන්දහසක පමණ වංචාවක් සිදුවන බැවින් එය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා මෙහිදී ශ්‍රී ලංකා රේගුවට නි‍ර්දේශ කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us