කුමනට මොණරු ගලයි. වසර ගනනාවකින් ඉහළම ආදායමක්

Published in පුවත්
Monday, 16 October 2023 12:27

පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුළ රුපියල් කෝටි 4ක ආදායමක් ලැබු බව කුමන ජාතික වනෝද්‍යාන, උද්‍යාන භාරකාර ඩී. වී. සමරනායක පවසයි.

මෙම කාලය තුළ දෙස් විදෙස් සංචාරයකයන් 11,999ක් ප්‍රමාණයක් උද්‍යාන නැරඹීම සදහා පැමිණ ඇති අතර මෙහි සිටින විවිධාකාර සත්ත්වයින් දැක බලා ගැනීමට සංචාරකයන් දැඩි උනන්දුවකින් පසුවන බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින්, වනජීවී පාරාදීසයක් ලෙස සැලකෙන්නේ කුමන ජාතික වනෝද්‍යානයයි. මෙම උද්‍යානය සංක්‍රමණ සමයේදී කුරුල්ලන් අති විශාල ප්‍රමාණයක් මෙම වනෝද්‍යානයේදී දැක බලා ගත හැකි අතර අලි, දිවියන් සහ අනෙකුත් සත්ව විශේෂ විශාල ප්‍රමාණයක් සිටී. කුමන ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන් 200 ත් 300 ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බව පැවසේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ දිවියන් නැරඹීමට ඇති විශිෂ්ටතම ස්ථානවලින් එකකි. ශ්‍රී ලංකාවට ආවේණික අලස වලසුන්ගේ නිවහන ද නව බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us