ඊශ්‍රායලය, ගාසා තීරය අත්පත් කරගැනීමේ උත්සාහයට ලෝකයෙන්ම දැඩි විරෝධයක් Featured

Published in පුවත්
Monday, 16 October 2023 12:06

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ඇමෙරිකාවේ 60 මිනිටිස් වැඩසටහනට පෙනී සිටිමින් සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය මේ වනවිට ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් පහර දෙයි. ඒ, ගාසා තීරයේ උතුරු කොටසේ සිටින පලස්තීන වැසියන්ට වහා දකුණු කොටසට යන්නැයි පැය 24 ක් කල් දීමෙන් ද පසුවය.

පසුගිය බ්‍රහස්පතින්දා ගාලු කතිකාව අමතමින් ජනාධිපති වික්‍රමසිංහ ද ඊශ්‍රායලය ගසා තීරයට ඇතුල් වීමෙහි බරපතල කම ගැන අනතුරු හඟවා තිබිණි. ඔහු සඳහන් කළේ, ඊශ්‍රායලය හමාස් විනාශ කිරීම හමුදා ක්‍රියාමාර්ග ගත හැකි නමුත් ඔවුන් ගොස් ගාසා තීරය විනාශ කළහොත් ලැබෙන ප්‍රතිචාරය විනාශකාරීවනු ඇති බවය. පැය 24කින් මුළු තත්ත්වයම වෙනස් වී මෙහි ආණ්ඩුවලට පාලනය කළ හැකි කිසිවක් ඉතිරි නොවනු ඇති බවය. එතැන් සිට ඉන්දුනීසියාව දක්වා, වෙනත් තැන්වල ආණ්ඩුවලට තත්වය පාලනය කිරීම අහිමි වනු ඇති බවත්ය.

'ඊශ්‍රායලය ගාසා තීරයට ගියහොත්, මුළු මැදපෙරදිගම ගිනි ගනී, එය මෙහි සිටින අප සියල්ලන්ටම බලපානු ඇත. එක් කෙළවරක තුර්කිය දක්වා, අනෙක් පැත්තෙන් පිලිපීනය දක්වා. එය ෂින්ජියෑන් ඇතුළු මධ්‍යම ආසියාවට බලපානු ඇති බවත් පැවැසු ජනපති රනිල් මේ සමබන්ධයෙන් අමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයද දැඩිව විවේචනය කර තිබිණි.

මේ අතර චීනය ද රුසියාව ඇතුළු ලොක්යේ රටවල් ගනනාවක් ඊශ්‍රායලය ගාසා තීරයට ඇතුළු විමට ගන්නා උත්සාහට විරෝධය පළ කර තිබිණි.

හමාස් සටන්කාමීන් දේශසීහා හරහා ඊශ්‍රායලයට පහර දීම ආරම්භ කළේ පසුගිය 7 වැනිදාය. එම අවස්ථාවේ ඊශ්‍රායල වැසියන් 150 දෙනකු හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබුණි. ඔවුන් ගාසා තීරයේ උතුරු කොටසට රැගෙන ගොස් ඇතැයි පැවැසෙයි. ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන්නේ එම ප්‍රාණ ඇපයේ සිටින පිරිස සොයන අතරතුරේය.

ප්‍රහාර එල්ල කිරීමට පෙර ගාසා තීරයේ සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථානවලට යන්න ඉඩ ලබා දෙන්නැයි තමව් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලීමක් කළ බවත්, නෙදන්යාහු ඊට කැමැත්ත පළ කළ බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය.

මේ අතර හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී ඊශ්‍රායලයට සහාය දක්වන බව පවසමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායලයේ සංචාරයකට යෑමට සූදානමින් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තාකර තිබේ. මේ වනවිටත් ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස ඇමෙරිකන් නාවික හමුදාවේ ප්‍රබල යුද නැව් දෙකක් මධ්‍යධරණී මුහුදට සේන්දු වී ඇතැයි ද පැවැසෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us