මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක් !

Published in පුවත්
Friday, 06 October 2023 17:23

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් සහ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ නියෝජිත පිරිසක් අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී එම නියෝජිතයින් පෙන්වාදුන්නේ මෙම පනත ගෙන ඒමේදී පාර්ශ්වකරුවන් සමග පුළුල් සාකච්ඡාවක් උද්දේෂණ ක්‍රියාවලියක් සිදු කළ යුතුව තිබූ නමුත් එසේ නොකොට මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුලින් සමාජය තුල දැඩි කතාබහක් ඇති වී ඇති බවත්, මෙම පනත තුලින් අදහස් ප්‍රකාශ කිරීමෙ නිදහස ඇහිරීමත්, දේශපාලන අධිකාරිය විසින් පත් කරනු ලබන ස්වාධීන නොවන කොමිෂන් සභාවක් මගින් ප්‍රකාශණ පිළිබඳව තීරණ ගැනීම ද සිදු වන බවය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්ද කරුණු පැහැදිලි කරමින් මෙම පනත ගෙන ඒම 2016 වර්ශයේ සිට කරගෙන ආ ක්‍රියාවලියක ප්‍රථිපලයක් බවත්, අධිකරණ අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ ක්‍රියාත්මක වුනු, නීති කොමිසම විසින් මෙම පනත සකස් කර ඇති බවත් , එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලය තමා වෙත පැවරූ බව , ඒ අනුව තමා විසින් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් , මාර්ගගත ක්‍රම හරහා වින්දිත භාවයට පත් වන කාන්තාවන් ළමුන් ඇතුලු පිරිස් වලින් ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහල යන බවත්, මෙම පනත හරහා ඔවුනට සිදු වන පීඩා අවම කිරීමටද අරමුණු කරන බවත් ප්‍රකාශ කලේය.

තවද, මෙම සාකච්චාවේ ප්‍රතිඵලයක් ලෙස, මෙම පනත පිළිබඳ ඔවුන් විසින් ලබා දෙන අදහස් සහ යෝජනා සැලකිල්ලට ගන්නා අතරම ආසියානු අන්තර්ජාල සහයෝගීතාවය (Asia Internet Coalition) , ශ්‍රී ලංකා නීතීඥහ සංගමය, තානාපති කාර්‍යාල සහ සිවිල් හා මාධ්‍ය සංවිධාන සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය,මාධ්‍ය නීති සංසඳය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, FACTUM ආයතනය, සමාජ මාධ්‍ය එකමුතුව ඇතුළු සංවිධාන සහභාගී විය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us