SLTC උපාධි පාඨාමාලා 25 ක් සඳහා ශිෂ්‍යත්ව 300ක්

Published in පුවත්
Friday, 06 October 2023 11:07

SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සිය ENTECH 2.0 ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ 2023 - 24 සඳහා වාර්තාගත ශිෂ්‍යත්ව 300 ක ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.

මෙම ශිෂ්‍යත්ව SLTC විශ්වවිද්‍යාලය විසින් පිරිනැමෙන උපාධි පාඨමාලා 25 ක් හැදෑරීමට අපේක්ෂා කරන සුදුසුකම් සපුරන ලද සියලු සිසුන් සඳහා විවෘතය.

කුසලතාවය මත පදනම්ව ශිෂ්‍යත්ව පිරිනමන ENTECH 2.0 වැඩසටහන මේ වසරේදී තවදුරටත් පුළුල් කිරීමට SLTC විශ්වවිද්‍යාලය කටයුතු යොදා ඇති අතර ඒ අනුව අපොස උසස් පෙළ හෝ කේම්බ්‍රිජ්/එඩෙක්සෙල් උසස් පෙළ විභාගවලට මුහුණ දී A,B,C හො S සාමාර්ථ ලබා සමත් වූ සියලුම සිසුන් හට ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමි වී ඇත. ඒ අනුව A සාමාර්ථයක් සඳහා 15%ක්, B සාමාර්ථයක් සඳහා 12%ක්, C සාමාර්ථයක් සඳහා 10%ක් සහ S සාමාර්ථයක් සඳහා 7%ක් වශයෙන් ශිෂ්යත්ව හිමිවන අතර සෑම ශිෂ්‍යත්වලාභියෙකුටම අවම වශයෙන් 22% ක ගාස්තු අඩු වීමක් ලැබෙනු ඇත.

ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමේ අවසන් දිනය ඔක්තෝබර් 17 වැනිදායින් අවසන් වන අතර අයදුම් කිරීමට අපේක්ෂා කරන සියඵ සිසුන්ට හැකි ඉක්මනින් සිය අයදුම්පත් යොමු කරන ලෙස SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය ආරාධනා කර සිටී. ශිෂ්‍යත්ව සහ අනෙකුත් ප්‍රතිලාභ මෙන්ම උපාධි පාඨමාලාවන් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට අවශ්‍ය අපේක්ෂකයින්ට www.sltc.sc.lk වෙබ් අඩවියට පිවිස හෝ 011 2100500 දුරකතන අංකයට අමතා එම තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාලය විසින් සලසා ඇත.

SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්යාල අතරින් වඩාත් වේගයෙන් ඉදිරියට පැමිණි විශ්වවිද්‍යාලයක් වන අතර නව්‍යකරණය අතින් දකුණු ආසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය වශයෙන් ජාත්‍යන්තර සම්මාන දිනූ විශ්වවිද්‍යාලයකි.

ඒ අතරින් ප්‍රමුඛතම කරුණක් වන්නේ SLTC විශ්වවිද්‍යාලය පාඨමාලාව පිරිනැමීම සඳහා ඒකාබද්ධ වී ඇති කීර්තිමත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ජාලයයි. මෙම ජාත්‍යන්තර කීර්තිමත් විශ්වවිද්‍යාල අතරට Deakin, James Cook, RMIT, Auckland, Lincoln Universities, Lancaster වැනි විශ්වවිද්‍යාල අයත් වන අතර එම විශ්වවිද්‍යාල විසින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ක්‍රමවේදයන් සිය ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කර තිබීම SLTC හි අධ්‍යාපන විශිෂ්ටත්වය පිළිබඳව මනා සහතිකයක් ලබා දේ.

SLTC විශ්වවිද්‍යාලයේ ප්‍රධානතම මණ්ඩපය පාදුක්ක ප්‍රදේශයේ අක්කර 34ක භූමියක් පුරා පැතිරුණු, නේවාසිකාගාර පහසුකම්, පර්යේෂණාගාර, දේශන ශාලා සහ අධ්‍යයන පහසුකම් මෙන්ම රංග පීඨ සහ ක්‍රීඩාගාරවලින් පරිපූර්ණ විශ්වවිද්‍යාල භූමියකි.

www.sltc.sc.lk වෙබ් අඩවියට පිවිස හෝ 011 2100500 දුරකතන අංකයට අමතා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us