රට විරුවන්ගෙන් මාස අටට රු.කෝටි 123,600ක් !

Published in පුවත්
Friday, 06 October 2023 10:50

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ මුල් මාස අටක කාලයේදී මෙරටට සිදු කර තිබෙන ප්‍රේෂණයන්හි වටිනාකම රුපියල් කෝටි 123,600ක් (අමෙරිකානු ඩොලර් මිලියන 3,863) දක්වා ඉහළ ගොස් තිබේ.

රටේ ආර්ථිකය සවිමත් කිරීමෙහිලා ඍජු දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් පසුගිය වසරේ සිදුකර තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 2,215ට සාපේක්ෂව මේ වසරේ එම කාලයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

මේ වසරේ අගෝස්තු මාසයේදී පමණක් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 499ක් වන අතර එය පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිදු කර තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 325ක ප්‍රේෂණවලට සාපේක්ෂව වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මේ කාලපරිච්ඡේදය තුළ වැඩිම සංචාරක ඉපයීම් ප්‍රමාණයක් වාර්තා වූ රටවල් අතර ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය සහ රුසියාව ප්‍රධාන වෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us