පැරණි ආර්ථික ප්‍රතිපත්තිවලින් වැඩක් නැහැ. අපි අලුතින් සිතමු.- ජනාධිපති  

Published in පුවත්
Friday, 05 August 2022 15:18

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට එළැඹීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අගෝ. 5) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් ඇමතූ අවස්ථාවේදී ය.

“මෙම තත්වයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීම හැර වෙනත් විකල්පයක් ඇතැයි මම හිතන්නේ නැහැ. විකල්ප ක්‍රම ගැන ඇතැම් පිරිස් කතා කරලා තියෙනවා. හැබැයි ඒවා සාර්ථක වෙලා නැහැ. අපි කැමති වුණත් නැතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපිට එකඟතාවකට එළැඹීමට සිදු වෙනවා. එයින් යහපතක් සිදුවේ ද අයහපතක් සිදුවේ ද යන්න තීරණය කළ යුතු වන්නේ ඔබයි.”

ජනතිපතිවරයා පෙන්වා දුන්නේ, පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹිය යුතු බව ය.

ඒ සම්බන්ධයෙන් සමස්ත පාර්ලිමේන්තුව ම අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසීය.

“කුමන හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ පක්ෂයක් ඊට එකඟ නොවන්නේ නම්, ඒ සඳහා ඇති විසඳුම කුමක් ද? විකල්පය කුමක් ද? යන්න ඇසීමට අයිතියක් ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

සියලු පක්ෂ මේ සඳහා එකඟත්වය පළකර යුතු යි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේදී අපිට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ගැටලුව වන්නේ රජයන් මාරුවන විට ප්‍රතිපත්ති වෙනස්වීම යි.

අපි සිතා බැලිය යුතුයි අපි ඒ සඳහා සූදානම් ද යන වග. එය පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් එහි ප්‍රතතිවිපාකවලට මුහුණ දෙන්න ඕන. ඒක හරි ම පැහැදිලියි. ලෙඩක් සනීප කරගන්න දෙන බෙහෙත් තිත්තයි. එන්නත් විදගන්න වෙනවා. ඉදිරිය කාලය නියත වශයෙන් ම දුෂ්කර කාලයක් වෙනවා. මම නැහැ කියන්නේ නෑ. පළමු මාස 6 අමාරු වේවි. අපි කලින් දැකපු කාලයක් වෙන එකක් නැහැ ඒක. අපි හැමෝටම ඊට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

අපිට පරණ ආර්ථිකයට යන්න බැහැ. අපිට ඒ ආකෘතියට යන්න බැහැ. අපි වෙනස්වීම්වලට අනුගත වුණේ නැහැ. ගෝලීයකරණය එක්ක ඉදිරියට ගියේ නැහැ. අද අපි එහි ප්‍රතිඵල තමයි භුක්ති විඳින්නේ මේ. ඒ නිසා පරණ ක්‍රමයට ම ගිහින් ආපහු හිරවෙන්න අපිට අවශ්‍යතාවක් නැහැ. අපි අලුතින් හිතමු.

මෙයයි අපිට ආර්ථීකය ප්‍රකෘතිමත් කළ හැකි මාර්ගය. එහෙත් නියත වශයෙන්ම ඉදිරි කාලයේදී දුෂ්කර විය හැකියි. මම එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පළමු මාස 6ක කාලය ඉතා දුෂ්කරයි. අපිට කෙදිනකවත් අත්නොවිඳි කාලයක් නමුත් එය අප විසින් පසුකළ යුතුයි. අපිට ආපසු හැරිය නොහැකියි. පැරණි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵල තමයි අපි අද භුක්ති විඳින්නේ. මේ නිසා අපි එම ක්‍රමයට නැවත අවතීර්ණය වීම තේරුමක් නැහැ. අපි අලුතින් සිතමු.”

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us