ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ සහය අඛණ්ඩව ලැබෙන බවට සහතිකයක්

Published in පුවත්
Friday, 05 August 2022 13:23

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට යුරෝපා සංගමය සිය සහාය අඛණ්ඩව ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.

යුරෝපා සංගමයේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති සඳහා සිටින ඉහළ නියෝජිත Josep Borrell Fontelles මේ බව සඳහන් කර ඇත්තේ මෙරට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි හමු වූ අවස්ථාවේදිය.

Screenshot 2022 08 05 132010

එහිදී දෙපාර්ශ්වය අතර ශ්‍රී ලංකාව මෙතෙක් අත්කරගෙන ඇති වර්ධනයන් පිළිබඳ ව ද අදහස් හුවමාරු වීමක් සිදුව තිබෙන අතර එහිදී ද්විපාර්ශ්වීය සබඳතා සමග සහයෝගීතාව වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ද වැඩිදුරටත් සාකච්ඡා කෙරුණ බවත් වාර්ථා වේ.

කෙසේ නමුත් මේ වන විට රජය රට තුළ නීතිය ස්ථාපිත කිරීම වෙනුවෙන් පසුගිය කාලයෙහි අරගලය මුවාවෙන් සිදුකළ ප්‍රචණ්ඩකාරී මෙහෙයුම් වල යෙදුන පිරිස් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ විරෝධය එල්ල වී රටට ලැබෙන සහයෝගයන් අහිමි වෙනු ඇත බවට බොහෝ දෙනා අදහස් පලකර තිබිණි. ඒ අනුව විශේෂයෙන්ම යුරෝපා සංගමය ලබා දෙන GSP+ සහනය අහිමි වෙනු ඇති බවත් කියැවිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us