සමෘද්ධි දීමනාව ඉහළට. පොඩි මිනිහා ගැන හිතන ආණ්ඩුවක්

Published in පුවත්
Sunday, 13 February 2022 13:04

සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන සමෘද්ධි දීමනාව සියයට 28කින් වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම වැඩිකිරීම හෙට (14) සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභීන් 1,7 67,000ක පවුල් ඒකක සංඛ්‍යාවක් ඉන්නවා. ඒ සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා සියයට 28ක සමෘද්ධි දීමනාව වැඩිකිරීමට රජය තීන්දු කරා."

සමෘද්ධි දීමනා ලාභීන්ගේ ජීවන තත්වය කඩා නොවැටීම වෙනුවෙන් රජය ගත් මෙම පියවර මේ මොහොතේදී එම ජනතාවට විශාල සහනයක් වෙනු ඇත.
කොවිඩ් වසංගත තත්වය හමුවේ ඇතිව තිබෙන උද්ධමන තත්වයන් සහ සමෘද්ධි ලාභී පවුල් වල ආදායම් අහිමිවීම තුළ ඔවුන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් සලකා බලා රජය මෙම පියවර ගැනීම ප්‍රශංසනීය තත්වයකි.

කොවිඩ් වසංගතය නිසා අඩු ආදායම් ලාභී පවුල් විශාල ආර්ථික පීඩාවකට පත්ව තිබූ අතර ඊට විසඳුම් වශයෙන් ලොක්ඩවුන් කාල සීමාවේදී රු 5000 බැගින් මාසික දීමනාවක් ලබා දීමටද රජය කටයුතු කර තිබිණි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us