පරක්කු වෙලා ගත්තු හොඳ තීරණයක්...

Published in පුවත්
Thursday, 10 February 2022 12:25

සුළු වැරැදි සම්බන්ධයෙන් දඬුවම් නියම වන අය බන්ධනාගාරගත කිරීම වෙනුවට ඔවුන් නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.

බන්ධනාගාර තදබදය අවම කිරීමේ විසඳුමක් ලෙස සැකසෙන මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වූ ව්‍යාපෘති යෝජනාව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා විසින් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත යාපනය බන්ධනාගාර සංචාරයේදී භාර දෙන ලදි.

මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී සුළු වැරැදි සඳහා බන්ධනාගාරගත වන පිරිස් අඩු වන අතර, ඒ මඟින් රජයට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවේ. එමෙන්ම දඩ ගෙවා ගැනීමට අපොහොසත් වන රැඳවූවන් බන්ධනාගාරගත කිරීම නිසා ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වීම නිසා එම රැඳවූවාගේ පවුලේ සාමාජිකයන් ද අපහසුතාවන් රැසකට මුහුණ දෙයි.

සුළු වැරැදි සම්බන්ධයෙන් දඬුවම් ලබන පුද්ගලයන් මේ නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය යටතේ ඔවුන්ගේ නිවෙස්වලම නියමිත දඬුවම් කාලය තුළ රඳවා තබන අතර, එම රැඳවූවාගේ අතෙහි හෝ පාදයෙහි පලඳවන විශේෂිත චිපයක් සහිත වලල්ලක් මඟින් ඔහු/ඇය සිටින ස්ථානය හා කටයුතු බන්ධනාගාර නිලධාරීන් විසින් අධීක්ෂණය කෙරෙනු ඇත.

එමෙන්ම එම පුද්ගලයාගේ සෞඛ්‍ය අවශ්‍යතා රැකියා අවශ්‍යතා ආදි සීමා සහිත කටයුතු සඳහා හා පෙර අනුමැතිය ලද කාර්යයන්ට පමණක් නිවෙසින් යෑමට අවස්ථාව හිමි වේ.

බන්ධනාගාර තදබදයට විසඳුමක් මෙන්ම සුළු වැරැදි සම්බන්ධව බන්ධනාගාරගත කිරීම වෙනුවට සාර්ථක විශෝධන ක්‍රමවේදයක් ලෙස දියුණු රටවල මෙය භාවිත කරයි. United Nations Standard Minimum Ruels for Non-custodial Measures (The Tokyo Ruels) මඟින්ද මෙවැනි විකල්පයන් ප්‍රවර්ධනය කෙරේ.

සුළු වැරදි සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවලදී අධිකරණය විසින්ම වැරැදි කරුවන් සිරගත කිරීම, දඩ නියම කිරීම සිදු නොකර ප්‍රජා සේවයෙහි යෙදීම නියම කිරීම සිදු කෙරෙතත් එම ක්‍රමවේදය බහුලව ක්‍රියාත්මක නොකෙරේ. කොහොම නමුත් මේ රටේ අපරාධ බහුලවීමට බරපතල හේතුවක් වී ඇත්තේ සුළු වරදකරුවන් මහා පරිමාණ අපරාධකරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් හා එකට සිරමැදිරිවල රැඳවීම බවද හෙළිවී තිබේ. සිර ගෙදරදී සුළු වැරැදිකරුවන් අපරාධ ජාල සමඟ සම්බන්ධවීමෙන් නැවත එළියට පැමිණිවිට මේ අපරාධ ජාල වල අවශ්‍යතාවයන් ඉටුකිරීමට පෙළඹීම සිදුවෙයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මෙල්ල කරගැනීමට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ මෙලෙස එළියට එන පුද්ගලයන් අලුතෙන් ඊට සම්බන්ධවීමය. මේ නිසා මෙම සුළු අපරාධකරුවන් මේ ජාවාරම්කාරී අපරාධකාරී කණ්ඩායම් හා මුසුවීම වැලැක්වීමටත් නව ක්‍රමවේදය මඟින් අවස්ථාව සැලසේ.

-the novemberist

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us