‘එක් තීරයක් එක් මාවතක්’ ජාත්‍යන්තරයේ ඉහළ පැසසුමට !

Published in පුවත්
Monday, 22 November 2021 11:25

2013 වසරේ සරත් ඍතුවේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථානය, ඉන්දුනිසියාව යන රටවල නිල සංචාරයන්හි නිරත වූ අවස්ථාවලදී, ‘ සේද මාවතේ ආර්ථික තීරය ’ හා ‘ 21 සියවසේ සමුද්‍ර සේද මාවත ’ පොදුවේ ගොඩනැංවීමේ දැක්ම පිළිවෙළින් ඉදිරිපත් කළේ ය. එම වැඩපිළිවෙළ යටතේ, දැනට පුළුල් ව හඳුන්වා දී තිබෙන්නේ ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළයි.

එතැන් සිට මේ දක්වා එම වැඩපිළිවෙළ, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා වන ප්‍රායෝගික වේදිකාවක් බවට පත් ව ඇත. විවිධ රටවලට පොදු සමෘද්ධිය සපුරා ගැනීමේ සංවර්ධන ගමන එමගින් බිහි කර තිබේ. ‍ගෝලීය වශයෙන් පුළුල් ම හා විශාලතම පරිමාණ අන්තර්ජාතික සහයෝගිතා වේදිකාව හා විවිධ රටවල් දැඩි උනන්දුවක් දක්වන අන්තර්ජාතික සහභාගීත්ව නිපැයුමක් වන්නේ ද මෙම වැඩපිළිවෙළ ය.

නව කොරොනා වසංගතය හමු වුවද “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වශයෙන් වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුවන බව එම ව්‍යාපෘති සමාගමේ මහජන සබඳතා ප්‍රධානී කස්සප සෙනරත් මහතා පවසයි. විශේෂ ආරක්ෂිත විධිවිධාන හා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව එම සංවර්ධන ව්‍යාපෘති කාර්යයන් නතර නොවී අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කර තිබේ. ඒ හේතුවෙන් කොළඹ වරාය නගරය තුළින් රටට ලැබෙන ප්‍රතිලාභ නොඅඩුව නොපමාව ලැබෙන්නට සැලසීම සඳහා ව්‍යාපෘති සමාගමත් රජයත් ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කරයි. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ දස දහස් ගණනකගේ රැකියා ගැටළු විසඳා ඇති අතර දේශීය ආර්ථික වර්ධනය ඵලදායී ලෙස ප්‍රවර්ධනය කර ඇතැයි කස්සප සෙනරත් මහතා පෙන්වා දෙයි. පශ්චාත් වසංගත සමයේ තම රටේ ආර්ථික පුනර්ජීවනය“එක් තීරයක් එක් මාවතක්”පොදුවේ සංවර්ධනය කිරීමෙන් සාක්ෂාත් කරනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු පවසයි.

ප්‍රංශයේ Schiller පර්යේෂණ ආයතනයේ පර්යේෂකයෙකු මෙන් ම ජාත්‍යන්තර ගැටළු පිළිබඳ විශේෂඥ Sébastien Périmony මහතා පවසන්නේ, ‘එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ මගින් අන්තර්ජාතික සහයෝගිතා ක්‍රමය පරිවර්තනය වී ඇති බවයි. සමස්ත ලෝකයේ අන්තර්ජාතික සහයෝගිතාව සඳහා, නව දිශානතියක් එමගින් පෙන්නුම් කර ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us