ඒ අනුව පාසල් හා විවෘත යන අංශ දෙක යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා නිර්මාණ භාරගැනීම සැප්තැම්බර් 05න් අවසන් වන අතර ඡායාරූප විනිශ්චය කටයුතු සැප්තැම්බර් 12දා සිදු කෙරෙන අතර ම සහතිකපත්‍ර ප්‍රදානය කිරීම ඔක්තෝබර් 01දා සිදු කෙරේ.
විවෘත අංශය සඳහා ශ්‍රී ලාංකික ඕනෑ ම අයෙකුට ඉදිරිපත් විය හැකි අතර එක් අයෙකුට කළු සුදු හෝ වර්ණයෙන් ස්වභාවික වනජීවි සෞන්දර්යය ක්‍රියාකාරකම් ඇතුළත් වනජීවි ඡායාරූප 04ක් පමණක් ඉදිරිපත් කළ හැකිය.
සියලු ම ඡායාරූප ශ්‍රී ලංකාවේ වනජීවි අභය භූමියක, ජාතික උද්‍යානයක හෝ රක්ෂිතයක ඡායාරූපගත කරන ලද ඒවා විය යුතුය. ඒවායෙහි කිසිදු ඩිජිටල් වෙනස්කමක් සිදු නොකළ යුතු වේ. ඡායාරූපයක දිග අඟල් 12ක් සහ 18 විය යුතුය, ඡායාරූපය ඉහළ වම් කෙළවරේ අයදුම්පතට අනුව නම, ලිපිනය, මාතෘකාවල අනු අංකය හා වනජීවි රක්ෂිතය සඳහන් කර ඡායාරූපය ගත් ස්ථානය, කැමරාව සහ කාච පිළිබඳ ව කෙටි විස්තරයක් එවීම ද කළ යුතුය.
පාසල් අයදුම්කරුවන් ඡායාරූප ඉදිරිපත් කිරීමේ දී විදුහල්පතිවරයාගේ අත්සනින් යුතු ව ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.
සියලු ම ඡායාරූප අධ්‍යක්ෂ ජනරාල්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අංක 811, ජයන්ති පුර පාර, බත්තරමුල්ල ලිපිනයට තැපැල් මගින් හෝ ගෙනවිත් භාරදිය යුතුය. ඡායාරූප බහාලන කවරයේ ඉහළ වම් කෙළවර වනජීවි ඡායාරූප ප්‍රදර්ශනය හා තරගය - 2014 යනුවෙන් සඳහන් කළ යුතුය.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 65වැනි සංවත්සරය වෙනුවන් වනජීවි ඡායාරූප තරගයක් පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
Leave a comment
Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...