ගාල්ල උසාවියේ තිබු ඇවන්ට්ගාර්ඩ් පාවෙන අවි ගබඩා නඩුවත් ඉවරයි

Published in පුවත්
Wednesday, 27 October 2021 11:06

ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු එම්.වි. මහනුවර නෞකාවේ තිබි සොයා ගන්නා ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

මහේස්ත‍්‍රාත්වරිය මෙම නඩු කටයුත්ත මෙසේ අවසන් කරනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුගත් කුමාර මහතා විසින් මෝසමක් මගින් කරණ ලද කරුණු දැක්විමෙන් පසුවය.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ මෙහි අපරාධ චෝදනාවක් ගොනු කිරිමට චෝදනා නොමැති බැවින් නඩුව අවසන් කිරිමට නිතිපතිවරයා විසින් උපදෙස් ලබාදි ඇති බවය..

සියලූ‍ කරුණු සළකා බැලූ‍ මහේස්ත‍්‍රාත්වරිය නඩු කටයුත්ත අවසන් කිරිමට තිරණය කොට ඡායා පිටපත් තබාගෙන මුල් ලේඛන මුදා හැරිමටද නියෝග කළාය. ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු එම්.වී. මහනුවර නැවේ ඇවන්ගාඞ් සමාගම විසින් කන්ටේනර් විසි දෙකක ගබඩා කරතිබු මෙම පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගාලූ‍ දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුන තොරතුරක් අනුව වරාය පොලිසිය විසින් එය 2015 ජනවාරි 18වනදින අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදි.

එහිදි කරන ලද විමර්ශණ අනුව කන්ටේනර් 22ක තිබි ටී.56 ගිනි අවි,මැෂින් තුවක්කු, 84එස්.රයිෆල්,ඇතුලූ‍ ආයුධ 3000කට අධික ප‍්‍රමාණයක් සොයාගෙන තිබින. පසුව මේ සම්බන්ධ නඩුව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදි පළමු වරට කැඳවු අවස්ථාවේ නැව අයත් සමාගම වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ලබාගෙන මුහුදේ යාත‍්‍රා කරන නැව්වලට ආරක්ෂාව සැපයිම සඳහා ඇවන්ගාඞ් සමාගම විසින් මෙම අවි ගබඩාව පවත්වා ගෙන ගිය බවය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුගත් කුමාර මහතා පෙනි සිටි අතර ඇවන්ගාඞ් සමාගම වෙනුවෙන් නීතිඥ හරිත් හෙට්ටිආරච්චි පෙනි සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us