ඩොලර් ලැබෙන හැටි ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කරයි  

Published in පුවත්
Wednesday, 27 October 2021 10:34

ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය, වෙනත් රජයන්, මහ බැංකු, මූල්‍ය ආයතන සහ ආයෝජකයින් සමග මෙරට වෙත ආයෝජන, ණය පහසුකම් සහ විනිමය හුවමාරු පහසුකම් ඇතුළු අවස්ථාවන් වෙනුවෙන් ඍජු නියැලීම් මාලාවක් ආරම්භ කර ඇතැයි මහ බැංකුව පවසයි.

මහ බැංකු අධිපතිවරයා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද සහ මාසික පෙර දැක්මෙහි ප්‍රකාශයට පත් කරන ලද ආකාරයට විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කිරීම් සම්බන්ධයෙන් මහ බැංකුව සහ රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ආයෝජකයන් සහ සාමාන්‍ය ජනතාව වෙත කරුණු ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ පිළිබඳ පැහැදිලි කිරීම සිදු කර තිබේ.

ඒ අනුව ඌන උපයෝජිත සහ/හෝ උපාය මාර්ගික නොවන වත්කම්වලින් මුදල් රැස් කිරීමේ කටයුතුවලට අදාළව සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයකටම එළැඹ ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

එහිදී චාමර්ස් භූමිය හා වන් ගෝල්ෆේස් සංකීර්ණය පිටුපස ඇති දේපළ සම්බන්ධ එකඟතාවන්ට අදාළව එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක පමණ මුදලක් ලැබෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. එසේම ඒ සඳහා වන අත්තිකාරම් ගෙවීමක් නුදුරේදීම අපේක්ෂා කෙරෙන බවත්, එම ආයෝජනය පිළිබඳව විස්තර ඉදිරි සතිවලදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවත් මහ බැංකුව සඳහන් කර තිබේ.

මීට අමතරව, කොළඹ වරායේ බටහිර පර්යන්තය සඳහා වන ඩොලර් මිලියන 650ක ආයෝජනයට අදාළ කටයුතු ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරය, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෑතකදී අවසන් කර ඇතැයි මහ බැංකුව පවසයි.

මීට අමතරව ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම විසින් වෙස්ට් කෝස්ට් විදුලි බලාගාරයේ කොටසක් වෙනුවෙන් සිදු කරනු ලබන ආයෝජනයන්ට අදාළවද තවත් ඩොලර් මිලියන 250ක ලැබීමක් සිදුවනු ඇති අතර, එම ආයෝජනයේ පළමු වාරිකය 2021 වසරේ නොවැම්බර්/දෙසැම්බර් මාසවලදී අපේක්ෂා කරන බවත් මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර අසල්වැසි බැංකු සමග විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට අදාළ ගිවිසුම් කඩිනම් කිරිමටත් සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව සඳහන් වෙයි. එහිදී ඉන්දියානු සංචිත බැංකුව, චීන මහජන බැංකුව සහ මැදපෙරදිග මහ බැංකු කිහිපයක් සමගින්ද සාකච්ඡා කරමින් පවතින බවත් මහ බැංකුව අනාවරණයකරයි.

මීටත් අමතරව විදේශ රජයටකට අනුබද්ධ ආයතනයකින් එ.ජ. ඩොලර් බිලියන 1.5 දිගුකාලීන ණය පිරිනැමීමකට අදාළ කටයුතුද ශ්‍රී ලංකා රජය විසින් සිදු කරගෙන යනු ලබන බවත්, රජය විසින් සිදු කරන ලද ඒකාබද්ධ ණය පහසුකම් වෙනුවෙන් කළ යෝජනාවලට ප්‍රතිචාර ලෙස ලැබුණු යෝජනා කිහිපයක් පිළිබඳ කටයුතුද දැනට සිදු කෙරෙමින් පවතින බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us