රසායනික පළිබෝධනාශක ආනයනයට අවසර !

Published in පුවත්
Wednesday, 27 October 2021 09:18

මෙවර මහ කන්නයට පමණක් වී වගාව වෙනුවෙන් රසායනික පළිබෝධනාශක ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසුවේය.

පොහොර උපදේශන කමිටුව,කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වැවිලි අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත්,ඒ අනුව වී වගාව සහ වැවිලි භෝග සඳහා අවශ්‍ය රසායනික පළිබෝධනාශක ප්‍රමාණය දළ වශයෙන් නිශ්චිත කරගත් බවත් ඇමැතිවරයා කීවේය.

මේ අනුව අඩු සැරකින් යුතු වල් නාශක, කෘමි නාශක සහ පළිබෝධනාශක යම් ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් කීපයකට නිර්දේශ ලබාදුන් බවද ඔහු කීවේය.

මේ සඳහා කැබිනට් අනුමැතිය ඉක්මණින් ලබා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසීය.

මේ පිළිබදව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ගෙන් කළ විමසීමකදී කියා සිටියේ අවශ්‍යතාවයමත පදනම්ව සුළු ප්‍රමාණයක් පමණක් ගෙන්වීමට කටයුතු කරන බවය.

රටේ කාබනික වගාව කරගෙන යද්දී යම් විශාල හානියක් සිදුවුවහොත්,එය පාලනය කිරීමට ප්‍රයෝජනයට ගැනීමට මේ රසායනික පළිබෝධනාශක ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us