පවුල් 250000 ක පිපාසය සංසිදුවන ව්‍යාපෘතිය ඉක්මනින් අවසානය කිරීමට තීරණය !

Published in පුවත්
Tuesday, 26 October 2021 16:00

හෙක්ටයාර 73800 කට දියවර සැපයෙන පවුල් 250000 ක පිපාසය සංසිදුවන උතුරු මැද මහ ඇල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

මහවැලි ජල සුරක්ෂිතතා සංවර්ධන වැඩසටහන වාරි හා පානීය ජලය සම්බන්ධ ප්‍රධානතම ආයෝජනයක් වනවා. ඇමරිකා ඩොලර් මිලියන 966 ක් ඒ සඳහා වැය කිරීම අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු , උතුරු මැද , වයඹ හා මධ්‍යම පළාත්වල උග්‍ර පානීය හා වාරි ජල අවශ්‍යතා සපුරාලීම අරමුණයි. ඒ සඳහා උතුරු මැද මහ ඇල , වයඹ මහ ඇල , මිනිපේ මහ ඇල , මීගහකිරුල සහ මහ කිතුල යන ගබඩා ජලාශ පද්ධති ඉදි කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. ඉදි කෙරෙමින් පවතින උතුරු මැද පළාත් මහ ඇල අදියර 1 සහ 2 මගින් මොරගහකන්ද හා කළු ගග ජලාශවල ගබඩා කෙරෙන අතිරික්ත ජලය උතුරු හා උතුරු මැද පළාත්වල ජල අවශ්‍යතා සපුරාලීම අරමුණයි. ඒ අනුව වගා ඉඩම් හෙක්ටයාර 73800 කට දියවර සැපයීම මෙන්ම පවුල් දෙලක්ෂ පනස් දහසකට පානීය ජලය සැපයීම අපේක්ෂාවයි. වසර හයකින් නිම කිරීමට සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය වසර හතරකින් එනම් 2025 වනවිට අවසන් කිරීම සඳහා අදාළ කොන්ත්‍රාත්තුව සංශෝධනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වුණා.

මේ අතර නව ඖෂධ කම්හල් තුනක් කඩිනමින් ඇරඹීමටත් කැබිනට් අනුමැතිය හිමිවුණා. හොරණ මිල්ලෑව ප්‍රදේශයේ පිහිටුවීමට නියමිත ඖෂධ කලාපය එස් පි එම් සි ලෝටස් ඖෂධ ව්‍යාපෘතිය ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.ඒ අනුව පිළිකා නාශක ඇතුලු ඖෂධ නිපදවීම සඳහා කම්හල්තුනක් කඩිනමින් පිහිටුවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

මේ අතර පූර්ණ රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලංකා ඉන්සිටිටියුට් ඔෆ් බයෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින්විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සදහා පිටිපන මහ හේන වත්ත ප්‍රදේශයේ අක්කර 13 ක භූමි භාගයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ඉදි කිරීම රජයේ අරමුණයි. මෙම ව්‍යාපෘතියට කුවෙට් ඩිනාර් මිලියන 10 ක්ලබා ගැනීමට අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

බහාලුම්ගත භාණ්ඩ පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් කෙරවලපිටිය අන්තර් හුවමාරුව ආසන්නයේ ඉදිකිරීමට අදාළ ඉඩම් පවරා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us