නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්න -ජනපති

Published in පුවත්
Thursday, 07 October 2021 17:34

කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්හි සිදු වූ පසුබෑම ජයගැනීමට, නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්රුවන්ට කියා තිබේ.

රජයේ සැලසුම් ප්‍රකාරව අපේක්ෂා කළ ඉලක්ක කරා එළැඹීමට නොහැකි වුවත් සියලු පාර්ශ්වයන්ගේ කැපකිරීම මත කොවිඩ් මර්දනයට සාර්ථකව මුහුණ දීමට හැකි විය.

එන්නත්කරණයත් සමග නව සාමාන්‍යකරණයට කඩිනමින් එළැඹීමට උදා වූ අවස්ථාව මග නොහැර ඉලක්ක ජයගැනීම සියලු දෙනා ඉදිරියේ ඇති වගකීම බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද (07) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

නව සාමාන්‍යකරණය යටතේ ආර්ථිකය මෙහෙයවීමට රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ප්‍රධාන සාධකයකි. එළැඹෙන කාලපරිච්ඡේදය තුළ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ජනතා අවශ්‍යතාවන් ඉටුවන පරිදි කැපවීමෙන් සහ උනන්දුවෙන් ක්‍රියා කළ යුතුය. එහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට විශාල කාර්ය භාරයක් පැවරෙන බව ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපතිතුමා ගත් තීරණයට ශක්තියක් වෙමින් ඉලක්ක ජයගැනීම සඳහා වේගවත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවීමට සියලු දෙනා සූදානම් බව දිසාපතිවරු සඳහන් කළහ.

කෘෂිකර්මාන්තය මූලික කරගත් 70%ක් පමණ වන ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක රජය නිරතව සිටී. කාබනික පොහොර ප්‍රතිපත්තිය සමග හරිත ආර්ථිකයක්, පොසිල ඉන්ධන සහ ගල්අඟුරු වෙනුවට පුනර්ජනනීය බලශක්තිය වෙත නැඹුරු වීම, සංචාරක කර්මාන්තයේ යළි පිබිදීම සහ ආයෝජන අවස්ථා සඳහා ශක්තිමත් පසුබිමක් සැකසීම ජයගත යුතු අභියෝග අතර වන බව
ජනාධිපතිතුමා පවසයි.

මෙම ඉලක්ක සපුරා ගැනීමට බාධාවක් වන, අදට නොගැළපෙන චක්‍රලේඛ සහ අණ – පනත් කඩිනමින් සංශෝධනය වීමේ අවශ්‍යතාව දිස්ත්‍රික් ලේකම්වරු පෙන්වා දුන්හ.

පවතින තත්ත්වය දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර සියලුම ක්ෂේත්‍ර ආවරණය කෙරෙන අලුත් ආරම්භයක් වෙනුවෙන් පැමිණෙන බාධක නිරාකරණයට තමා සූදානම් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us