තුන්වැනි මාත්‍රාවක් ලෙස ෆයිසර් දෙන්න තීරණය වේ !

Published in පුවත්
Wednesday, 22 September 2021 11:23

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ද්විත්ව එන්නත ලබාගැනීමෙන් පසු එන්නතේ ප්‍රතිශක්තිය අඩු බවට පෙනී යන පුද්ගලයන් සියලු දෙනාටම අඩු පාඩුවකින් තොරව කොවිඩ් මර්දන එන්නතේ තුන්වැනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බවයි.

එම එන්නත් මාත්‍රාව ලබාදෙන දිනය සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරනු ඇති බවත් මෙම එන්නත් මාත්‍රා ගෙන්වීම සඳහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බවත් සභාපතිවරයා කියයි. ඒ සඳහා අවශ්‍ය සියලු මුදල් ලෝක බැංකුව මගින් ඔක්තෝබර් මස 1 වැනිදා වන විට ගෙවීමට නියමිතය. තුන්වන මාත්‍රාවක් සඳහා වූ නිර්දේශය එන්නත්කරණය හා වසංගත රෝග සම්බන්ධ විශේඥ කමිටුව මගින් පසුගිය මැයි මාසයේදී ඇණවුම්කර මාස 6කට පසුව තිබූ දත්ත මත එන්නත් මිලියන 14ක් ලබාදීමට ෆයිසර් ආයතනය එකඟ වී ඇත.

මෙම එන්නත් ප්‍රමාණය එන්නත් කරණය කළයුතු ජනගහනයෙන් සියයට හැටක ප්‍රමාණයට ප්‍රමාණවත්. මේ වසරේදි අවශ්‍ය සියලු එන්නත් මේවන විට ඖෂධ සංස්ථාව මෙරටට ගෙන්වා අවසන්. තුන්වැනි මාත්‍රාව මෙන්ම ළමයින්ට අවශ්‍ය එන්නත් ලබාගැනීමට අවශ්‍ය සියලු වැඩ කටයුතු සිදුකර අවසන් යැයිද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙහිදි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර වයස අවුරුදු විස්සට වැඩි සමස්ත ජනතාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් වූ පසුවද තවත් එන්නත් මාත්‍රා දහනවලක්ෂ විසිදහස් හතළිහක් (1920040) ඉතිරිවනු ඇතැයි පැවසේ.

මෙරට වයස අවුරුදු විස්සට වැඩි ජනතාව එක්කෝටි හතළිස් අටලක්ෂ දහනවදහස් අටසියදහයක් සිටින අතර මෙම පිරිසට මාත්‍රාදෙකම ලබාදීමට අවශ්‍ය එන්නත් ප්‍රමාණය දෙකෝටි අනුහය ලක්ෂ තිස්නවදහස් හයසිය විස්සකි.

මෙරටට මේ වන විට ලැබී ඇති සමස්ත එන්නත් ප්‍රමාණය තුන්කෝටි පහළොස්ලක්ෂ පනස් නව දහස් හයසිය හැටකි. (31,559,660)

-පංචාලි අබේසේකර

Last modified on Wednesday, 22 September 2021 11:25

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us