පාස්කු නඩුවට දින නියමවේ ! අගමැතිගේ සංචාරය ගැනත් ඇත්ත හෙළිවේ !

Published in පුවත්
Monday, 13 September 2021 19:44

අග්‍රාමාත්‍යවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉතාලියේ සංචාරයක නිරත වෙන්නේ පාප් වහන්සේ මුණ ගැසී පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණවල ප්‍රමාදය ගැන එල්ල වෙන චෝදනා යටපත් කිරීමට බව කාදිනල් හිමියන් පසුගියදා චෝදනා කළා.

නමුත් අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සංචාරයට සහභාගි වුණේ ජී විස්ස අන්තර් ආගමික සංසදයේ පළමු සැසි වාරයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහායි.

අග්‍රාමාත්‍යවරයා පාප් වහන්සේ මුණ ගැසෙන බවට කාදිනල් හිමියන්ගේ ප්‍රකාශය පදනම් විරහිත බව සනාථ කරමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ වනවිට යුරෝපයේ සංචාරයක නිරතව සිටිනවා.

ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ කෙටි සංචාරයක් සඳහා ඊයේ දිනයේ දී හංගේරියාවට සැපත් වුණා. පැය 7 ක කාලයක් උන් වහන්සේ හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයේ ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

එහිදී උන් වහන්සේ එරට අග්‍රාමාත්‍ය වික්ටර් ඕබන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර අනතුරුව කතෝලික හමුවකට ද එක්ව තිබෙනවා. ඉන් අනතුරුව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ අද ස්ලොවැකියා රාජ්‍යයට සැපත් වුණා. එහිදී උන් වහන්සේ පිළිගනු ලැබුවේ ස්ලොවැකියා ජනාධිපති සුසානා කැපුටෝවා.

ලබන බදාදා දිනය තෙක් උන් වහන්සේ ස්ලොවැකියාවේ රැදි සිටින අතර එරට නගර හතරක සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. එමෙන්ම ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ එරට රැදි සිටින කාලය තුළදී දේව මෙහෙයන් දෙකකට සහභාගි වීමට ද නියමිතයි.

මේ අතර පාස්කු ප්‍රහාරයට වසර දෙකකට පෙර කාදිනල් හිමියන් මුණ ගැසී ත්‍රස්ත ප්‍රහාරයක් සිදු විය හැකි බවට තමන් දැනුම් දුන් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර ස්වාමීන් වහන්සේ පවසනවා. එහෙත් එම අවස්ථාවේ කාදිනල් හිමියන් ඒ පිළිබද අවධානය යොමු නොකළ බවයි ඤාණසාර හිමියන් පවසන්නේ.

ඤාණසාර හිමියන් සදහන් කළේ අන්තවාදි ත්‍රස්තවාදය මර්දනයට වත්මන් රජය නියත වශයෙන්ම කටයුතු කරන බවට තමන් දැඩිව විශ්වාස කරන බවයි.

කෙසේවෙතත් පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

සභාපති විනිසුරු දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මේ බව දන්වා බන්ධනාගාරගතව සිටින අදාළ නඩුවේ විත්තිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් කරනු ලැබූ නියෝගයේ දැක්වේ.

විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍ර එදින ඔවුන්ට බාරදීමට නියමිතය.

මහත් ආන්දෝලනයකට තුඩුදුන් ජාතික වැදගත්කමක් සහිත මෙම නඩුකරය විභාග කිරීම සඳහා ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති සංජය රාජරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර තිබුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් නවුෆර් මව්ලවි,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු සැකකරුවන් 25 දෙනා වෙත එල්ල කර ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී මිනීමැරුම් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තවත් නඩු දෙකක් පවරා තිබේ.

 -පංචාලි අබේසේකර

Last modified on Monday, 13 September 2021 20:06

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us