ඇගලුම් නිෂ්පාදන ගැන බිය නොවන්න - බන්දුල

Published in පුවත්
Saturday, 11 September 2021 20:21

ඉල්ලුමට සරිලන විදිහට සැපයුම ලබාදෙන්න අවශ්‍ය කරන ඇගලුම් නිෂ්පාදන රටතුල තිබෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයාද පෙන්වා දුන්නේ ජනතාව රෙදිපිළි සැපයුම පිළිබඳ සැකයක් ඇති කර ගත යුතු නොවන බවය.

තවද අවශ්‍යතා පවතින අයට අවම මිලට භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙලක් සකසන බවත් ඇමතිවරයා සදහන් කර ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍යවරයා,

" රජය භාණ්ඩ වර්ග 623කට 100% කාසියාන්තිකයක් යටතේ ආනයනය කිරීම කියන ජාතික ප්‍රතිපත්තියක් අරන් තියෙන්නේ. ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය යටතේ ඉන්න නිෂ්පාදකයෝ මෙරට ඇඟලුම් අවශ්‍යතාවයෙන් 100% ක් නිෂ්පාදනය කරනවා. ලාංකිකයෙකු ලෙස ආඩම්බර විය යුතුයි. තමන්ගේ මව් රට විසින් මුළු ලෝකයේ වෙනත් අයටත් යට ඇඳුම් නිෂ්පාදනය කරලා කීර්තියක් අත් කරගෙන තියෙන රටක ඉන්න එක. ඇඟලුම් අවශ්‍යතාවයක් තියෙන ඕනේම අයෙක් ඉන්නවා නම් මම වෙළෙඳ ඇමති ලෙස වගකීම බාරගන්නවා ඉල්ලන ඕනෑම ප්‍රමාණයක් සපයනවා. පවතින මිලටත් වඩා අඩුවෙන් සතොස හා රාජ්‍ය ආයතන හරහා සැපයීමට වැඩපිළිවෙලක් සකස් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ යට ඇදුම්වල නේ. වෙළෙඳ පොළේ පවතින මිලට අඩුවෙන් නාරාහේන්පිට රජ වාසල තුළ විශාල සල්පිලක් පවත්වනවා.යට ඇඳුම් පමණක් නොව සියල්ලම. හොඳ අදහසක්." යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us