අගමැති ඉතාලිය බලා පිටත් වේ !

Published in පුවත්
Friday, 10 September 2021 10:46

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. අග්‍රාමාත්‍යවරයා සමග තවත් 17 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව තිබේ.

අද අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 649 දරන ගුවන් යානයෙන් මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය වෙත ගමන් කිරීමට නියමිතය.

G20 අන්තර් ආගමික හා සංස්කෘතික ඉතාලි සමුළුව-2021 (G20 Interfaith Forum Italy-2021) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සංචාරය සඳහා පිටත්ව ගොස් තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us