එන්නත් මරණය වළකන බව ඉන්දීය අධ්‍යයනයකින් තහවුරු වෙයි !

Published in පුවත්
Friday, 10 September 2021 10:39

කෙරෝනා රෝගය ආසාදනය වූවත්, එන්නත් මගින් මරණය නිසැකව ම වළකන බව ඉන්දීය අධ්‍යයනයකින් ද තහවුරු වී තිබෙනවා.

ඉන්දීය රජයේ කොරෝනා මර්දන තාක්ෂණ බලකාය මඟින් සිදුකළ මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. ඔවුන් විශ්ලේෂණය කර ඇත්තේ, පසුගිය අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ඉන්දියාවේ කොරෝනා ආසාදන සහ මරණ පිළිබඳ දත්තයි.

ඒ අනුව අනාවරණ වී ඇත්තේ එක් කොරෝනා එන්නත් මාත්‍රාවක් මඟින් ආසාදිත රෝගියෙකුගේ මරණය සියයට 96යි දශම 6කින් වළක්වන බවයි.

එමෙන්ම, එන්නත් මාත්‍රා දෙක ම ලැබූ රෝගියෙකුගේ මරණය එමඟින් සියයට 97යි දශම 5කින් වළක්වන බව හෙළි වී තිබෙනවා.

එන්නත්කරණයෙන් මරණය වළක්වනවා මෙන්ම, ආසාදිත රෝගීන් රෝහල්ගත කරන තරමට අසාධ්‍ය වීම ද වැළකෙන බව වෛද්‍ය පෝල් පෙන්වා දෙනවා.

මේ නිසා එන්නත්කරණය කොරෝනා වෛරසයට එරෙහි ව වඩාත් ම වැදගත් වෙන ආවරණ පලිහ බවයි ඉන්දීය රජයේ කොරෝනා මර්දන බලකා ප්‍රධානී වෛද්‍ය ‘විනෝද් කුමාර් පෝල්’ සඳහන් කළේ.

මේ නිසා තමන්ට ලැබෙන කොරෝනා එන්නත ලබාගන්නා ලෙසත්, එමඟින් කොරෝනා වෛරසයෙන් සිදුවිය හැකි මරණ වළක්වා ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us