විසදුම් නැතිනම් ස්ටාලින්ගේ ඊළග පියවර !

Published in පුවත්
Monday, 30 August 2021 17:37

ගුරු විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් ආරම්භ කරන ලද මාර්ගගත (online) වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා අදට (30) දින පනහක් සපිරෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කර ඇත.

අද දින කැබිනට් මණ්ඩලයේදී ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට කඩිනම් විසඳුමක් ලැබුණේ නැතිනම් දින සියයක් දක්වා වුවත් අඛණ්ඩව මාර්ගගත (online) වර්ජනය ක්‍රියාත්මක කරන බව හෙතම අවධාරණය කරනවා.

මේ අතර ගුරුවරුන් හාරසියයකට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හා ගුරුවරුන් 25ක් කොවිඩ් හේතුවෙන් මියගිය බවට පැවසෙන කතා අසත්‍ය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

ගුරුවරුන්ට මඩ ගැසීමේ අරමුණින් රජය රාජ්‍ය මාධ්‍ය යොදාගෙන මේ පච ප්‍රචාරය කරන බව ඔහු පවසනවා. එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මිය ගිය ගුරුවරුන් යැයි පවසා මුදා හල ඡායාරූප විදෙස් රටවල ඡායා රූප බවද ඔහු අවධාරනය කරනවා.

ලංකාවේ එකදු ගුරුවරයකුට කොවිඩ් ආසදනය වී හෝ මිය ගොස් ඇති නම් නම් ගම් සමග හෙළිදරවු කරන ලෙසද ඔහු රජයට අභියෝග කරමින් කියා සිටින බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us