පාසල් සහ පෙරපාසල් සදහා ඇස්බැස්ටෝස් වහල තහනම් කෙරේ !

Published in පුවත්
Thursday, 01 July 2021 11:24

පාසල් සහ පෙරපාසල් වල අලුතින් ඉදිකෙරෙන වහලවල් සඳහා ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඊට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට ලැබී ඇති බවයි.
එමෙන්ම ලන්ච් ෂීට් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම වෙළඳපොලෙන් ඉවත් කිරීමට අදාළ පියවර ගන්නා බවද පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර, ප්ලාස්ටික් බෝතල් භාවිතය අවම කිරීම සඳහා ඒවා තහනම් කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණයට අදාළ විකල්ප යෝජනා ඉදිරි සති 02 තුළ ඉදිරිපත් කරන බවට ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම් එකඟතාවය පළ කර තිබෙනවා.
ප්ලාස්ටික් බෝතල්වල නිෂ්පාදන අලෙවි කිරීමේදී පාරිභෝගිකයන්ගෙන් තවත් රුපියල් 10ක මුදලක් තැන්පතුවක් ලෙස ලබාගෙන වෙළඳසැලට නැවත එම බෝතලය ලබාදීමේදී එම තැන්පතු මුදල යළි පාරිභෝගිකයා වෙත ලබාදීම සඳහායි මේ වනවිට පරිසර අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් වී ඇත්තේ. එලෙස ප්ලාස්ටික් බෝතල් එකතු කර ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමට පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.
ප්ලාස්ටික් සහ පොලිතින් මගින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා පොලිතින් නිෂ්පාදන කිහිපයක්ම පසුගියදා තහනම් කෙරුණා.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

රටක අනාගතය නම් දරුවන්ය. එසේනම් රටක් භාර ගැනීමට සිටින රටේ ඉදිරි පරම්පරාව නිරෝගිමත් දරු පරපුරක් කිරීම රටෙහි ජිවත්වන පුරවැසියාගේ පමණක් නොව රටෙහි පාලකයන්ගේද විශාල වගකීමකි. අදවන විට විවිධාකාර භයානක බෝනොවන රෝගවලට සමාජය ගොදුරුවෙමින් පවතී.මෙම තත්වය ඉදිරියේදී තව තවත් දරුණු වෙනු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දෙයි. ඒ අතර පිළිකා රෝගය ප්‍රධාන තැනක් ගනී. ජානමය පිළිකා හැරුණු විට අනෙකුත් පිළිකාවන්ට සමාජය මේ වනවිට ගොදුරු වී ඇත්තේ එකීනෙකගේ පැවැත්ම නිසා වෙන් බව දැන් ඔප්පු වී හමාරය. ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා කෙරෙන සුදු ඇස්බැස්ටෝස් (Chrysotile) ඇතුළු සියලුම වර්ගයේ ඇස්බැස්ටෝස් නිෂ්පාදන පිළිකා කාරකයක් ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් හඳුනා ගෙන ඇත.
මේ පිළිබදව 2018 වර්ෂයේදී ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ආනයනය සීමා කිරීමට එවකට සිටි රජය විසින් යෝජනා වූ අතර එය හුදු යෝජනාවක්ම පමණක් විය. එහෙත් වත්මන් ජනධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුල සදහන් කල පරිදි නිරෝගිමත් පරපුරක් බිහි කිරීමේ අරමුණින් පාසල් සහ පෙරපාසල් වල අලුතින් ඉදිකෙරෙන වහලවල් සඳහා ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.මෙය දරුවන් වෙනුවෙන් පාලකයන් විසින් ගනු ලැබූ වටිනා තීරණයක් වන අතර ඉදිරියේදී සම්පුර්ණයෙන්ම ඇස්බැස්ටෝස් භාවිතය මෙරටින් සම්පුර්ණයෙන්ම තුරන් කිරීමටද පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වේ.
එසේම මේ වන විට පරිසරය සුරක්ෂිත කිරීමේ විවිධ හරවත් වැඩපිළිවෙලවල් පරිසර අමාත්‍යංශය විසින් ක්‍රියාවට නගමින් සිටි. ඒ අනුව පසුගියදා වෙළදපොළට නිකුත් කරනු ලබන, පරිසරයට දැඩිව තර්ජනයක් වී ඇති සැශේ පැකට් ඇතුළු නිෂ්පාදන කිහිපයක්ම තහනමට ලක් විය. තවද ඉහත සදහන් කල පරිදි පරිසරය සුරැකීම අරමුණු කර ගනිමින් තවත් විවිධ යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. රටෙහි බොහෝ කලක් තිස්සේ පවතින කුණු කසල අර්බුධය තුරන් කිරීමටත් අනාගත පරපුර නිරෝගිමත් පරපුරක් ලෙස බිහි කිරීමටත් වත්මන් රජය ගෙන ඇත්තේ එවන් හරවත් පියවර රැසක් බව අප නැවතත් මතක් කරන්නෙමු.

-පංචාලි 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us