යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන භාණ්ඩ සදහා අද සිට බදු මුදල් !

Published in පුවත්
Thursday, 01 July 2021 10:28

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ සංශෝධිත බදු ප්‍රතිපත්තිය අද (01) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 26 සඳහා යොමු කරන ලිපි හැර සියලු තැපැල් භාණ්ඩ සඳහා නව බදු ප්‍රතිපත්ති අදාළ වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමය විසින් දැනුම් දී ඇති පරිදි තැපැල් පාරිභෝගිකයන්, අන්තර්ජාලය මඟින් අලෙවි කටයුතුවල නිරතවන්නන් සහ අන්තර්ජාල අලෙවිසැල් විසින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යොමු කරන තැපැල් භාණ්ඩ සඳහා එම බදු ප්‍රතිපත්තීන් අදාළ වේ.

ඒ අනුව යූරෝ 150ට අඩු වටිනාකමකින් යුත් සියලුම තැපැල් භාණ්ඩ සඳහා යවන්නා විසින් යුරෝපා සංගමයට අයත් අදාළ රට වෙත සෘජුවම වැට් බදු ගෙවිය යුතු බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම යූරෝ 150ට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ සඳහා අදාළ රටේ බදු ප්‍රතිපත්තියට අමතරව අනෙකුත් තීරු බදු ප්‍රතිපත්තීන්ට ද යටත් වන බැවින් තැපැල් භාණ්ඩ සඳහා වූ සියලුම බදු ගමනාන්තයේදී භාණ්ඩය ලබාගන්නා පුද්ගලයාගෙන් අය කර ගැනීමට නියමිතය.

කෙසේවෙතත් වැට් බදු මුදල් සහ මෙහෙයුම් ගාස්තු ගෙවා භාණ්ඩය භාර ගැනීමට ක්‍රියා නොකළහොත් අදාළ රටේ තැපැල් පරිපාලනය හෝ රේගුව එම භාණ්ඩ සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳ පාරිභෝගිකයින්ට වගකීමක් දැරීමට සිදුවේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එම බදු හෝ අනෙකුත් බදු ගෙවීම් පිළිබඳ කිසිදු අයුරකින් වගකීමක් නොදරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මහජනතාවට දැනුම්දෙයි.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us