අද සහ හෙට හෙද වර්ජනයක් !

Published in පුවත්
Thursday, 01 July 2021 09:20

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය අද (01 වැනිදා) සහ හෙට (02 වැනිදා) අසනීප නිවාඩු වාර්තා කිරීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව එම සංගම් සදහන් කරයි.

උසස්වීම් ගැටලුව,හෙද සේවාවේ මාණ්ඩලික සේවා තත්ත්වය අහිමි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව වෘත්තීය සමිති පවසයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසු රජය නිසි අවධානයක් යොමු නොකළහොත් ජූලි මස 07 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර තිබෙනවා.

ලංකාවේ හෙද සාමාජිකත්වයේ 38,000 ක පමණ පිරිසක් සිටින බවත් ඔවුන් සියලුදෙනාම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us