ලාෆ් ගෑස් සමාගමට එරෙහිව නඩු !

Published in පුවත්
Thursday, 01 July 2021 08:49

ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (30 වැනිදා) නඩුවක් පවරා තිබේ.


එල්.පී.ගෑස් අඩංගු කිලෝග්‍රෑම් 12.5කින් යුත් ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 1493ක් ලෙස වෙළෙඳපොළේ විකිණීමට තිබියදීම මෙහිම පරිමාව ලීටර් 18ක සිලින්ඩරයක් මෝස්තරය හා ශෛලිය වෙනස් නොකරමින් රුපියල් 1395ක මිලට විකිණීම මගින් රුපියල් 98ක මිල අඩුවීමක් ඇති බවට අසත්‍ය පැවැසීම මගින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ වගන්ති උල්ලංඝනය කරන ලදැයි චෝදනා කරමින් අදාළ නඩුව පවරා තිබුණි.

මෙම නඩුව ජුලි 27 වැනි දින කැඳවන ලෙස නියම කළ අධිකරණය. එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ලාෆ් ගෑස් සමාගමට සිතාසි ද නිකුත් කළේය.

මෙම නඩුව සනාථ කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සාක්ෂිකරුවන් දොළොස් දෙනකුගේ නාම ලේඛනයක් ද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඊට අමතරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත උල්ලංඝනය කරමින් විකුණන ලද ලාෆ් ගෑස් සිලින්ඩරයක්, ඒ සම්බන්ධයෙන් ලබාගන්නා ලද පරීක්ෂණ වාර්තා ඇතුළු ලේඛන 13ක් ද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

මීට ඉහතදී ලිට්රෝ ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණි.

අදාළ නඩුව ඉකුත් ජුනි 16 වැනිදා පවරා තිබූ අතර එහි විත්තිකාර ලිට්රෝ ගෑස් සමාගම ලබන ඔක්තෝබර් 28 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිතාසි ද නිකුත් කළේය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us